නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
Sunday, May 28, 2023
මූ-ලෝ-උපාය - Strategy
Friday, May 26, 2023
වට වට - Circles
සටහන:
ජ්‍යාමිතිය අනුව වට, කවය, වෘත්තය කොහොම කිව්වත් circle, මිනිස් සමාජයේ ද කවයන් ඕනෑ තරම්ය. කවයන් හැටියට ඒකරාශී වෙන තැන සම හෝ ආසන්න වශයෙන් සම අදහස්, සිතුම් පැතුම්, රුචියන් තිබිය හැකිය, ඒ වගේම වෙනස් කවයන් දෙකක වුණත් සමාන අදහස් දරන කොටස් සිටිය හැකිය. ජ්‍යාමිතිය අනුව කවයන් කීපයක් එක මත එක සමව හෝ අසමව වැටීමෙන් ඇති වෙන්නේ, සමවාය; එහෙමත් නැතිනම් ඒ කවයන්හි පොදු තැන ඒක union හැටියට කියන්නේ. වට, වට වටා ඒකරාශී වුණත්, ඉන් මතුවෙන පොදුතාවය, ජ්‍යාමිතිකව ඇති කරන අලංකාරය අලුත් රූප මවන්න පුළුවන් නේද? එහෙමනම්, සමාජයේ...
Tuesday, May 16, 2023
ක්ෂිතිජ ඉම - The Horizon
Saturday, May 13, 2023
සින්දූර ගස | The Oak Tree
හැමුවා මහා කුණාටුවක්
රැයේ පටන් දවස පුරාම
උදුරාගෙන ගියා ගසේ කොළ
ලොකු අත්තකුත් බිඳගෙන කඳෙන්
සින්දූර ගස පෙළා හෙම්බත් කර
එනමුදු,
සින්දූර ගස දරා සිටියා
අවට ගස් උදුරා වැටෙද්දි බිම
වෙහෙසට පත්වූ සුළඟ
ලං වෙලා විමසුවා හෙමිහිට
සින්දූර ගසේ, කොහොමද නුඹ
නොවැටී ඉන්නේ කෙළින්, තවම
සින්දූර ගස තැන්පත්ව කියා සිටියා,
සුළඟේ, මම දනිමි නුඹට පුළුවන
අතු ඉති මගේ සිඳ බිඳ දමන්නට
ගසාගෙන යන්නට කොළ ඉවතට
රිදවන්න මගේ කඳ, අඹරන්න
එනමුත්,
මට ඇත මුල් පස තුළටම විහිඳුන
උපන් දා සිට දින දින සවියෙන් වැඩෙන
දුටුව ද නුඹ, පුළුවනි ද අත තියන්න
එයයි මගේ සවිය, බලවත්
අද වෙනතුරු,
දැන සිටියේ නැහැ නෙව
මෙතරම් ඔරොත්තු දිය හැකි ද මට
තුතිය නුඹට,
අද දැනගත්තෙමි
කෙතරම් ශක්තිමත්ද මා
* ඇමෙරිකානු ජාතික, Johnny Ray Ryder Jr. කවියාගේ "The Oak Tree" නිර්මාණයේ පරිවර්තනයකි.
* ඕක් ගස හැඳින්වීමට වැඩියේ භාවිතා නොවන සින්දූර ගස කියන සිංහල යෙදුම පාවිච්චි කරා. ඕක් ගස විහිදුන අතු, පිරි කොළ වලින් අලංකරය වගේම නුවණ, ශක්තිය හා ඔරොත්තුදීමේ සංකේතය හැටියට ගැනේ.
* සින්දූර ගස අපිට ලොකු පාඩමක් කියාදෙනවා නේද?
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
Sunday, April 30, 2023
Tuesday, March 21, 2023
පුළුවනි නම් - Able
Saturday, March 4, 2023
Monday, February 13, 2023
පිටි පස්සේ කට්ටියක්
බිබි දාත්තා (බිබි අක්කා) දකුණු පළාතේ වෙරළාසන්න පොඩි නගරයක් ආශ්‍රිත ගමක ජීවත් වූ මුස්ලිම් කාන්තාවකි. එම පෙදෙසේ අනෙක් අය වගේම ඇය ද කතා කළේ බාගෙට භාගයක් සිංහල දෙමළ වචන ද කලවමෙනි, එය ඔවුන්ට අමුතු දෙයක් නොවිය. භාෂා දෙක කලවමේ භාවිතය නිසා නොයෙක් විට අනේක පටලැවිම් ද ඇතිවෙන අවස්ථා එමටය.
වෙදමහත්තයාගේ ඩිස්පෙන්සරිය තිබුණේ නගරයේ අතුරු පාරක් අයිනේ වූ ලැලි එකින් එක ගලවා අරින වහන ඉදිරිපස දොර සහිත පරණ තාලේ කඩකාමරයකය. ඇතුල්වෙනවාත් එක්කම ශාලාවේ පරණ පුටු පේළියකි, එහි කිසිවෙකු නොවිය.
විග විගස ආපු බිබි දාත්තා ලෙඩ්ඩු බලන කමරයට ඇතුල් වෙද්දි වෙදමහත්තයා නිවිහැනහිල්ලේ දවසේ පත්තරේ කියවමින් උන්නේ, උපැස් යුවළ නළලට එසවූ වෙද මහත්තයා "ඇයි මේ බිබි දාත්තා කලබලෙන්"
"පිටි පස්සේ කට්ටියක්, පිටි පස්සේ කට්ටියක් වෙදමහත්තයෝ"
"හරි, හරි බිබි දාත්තා ඔහොම වාඩිවෙන්න කෝ, මං බලන්නම්" වෙදමහත්තයා උපැස් යුවලද ගලවා අතට අරන්, දොරකඩට ගොහින් නළලට අතක් තියාගෙන පාරේ ඈත විපරම් කරන්නට විය. "කෝ කවුරුවත් පේන්න නැහැ නෙහ්" කියමින් වෙදමහත්තයා ලෙඩ්ඩු බලන කාමරයට ආපහු එන්නට විය.
"නේ, නේ වෙදමහත්තයෝ පිටි පස්සේ කට්ටියක්"
"හරි, හරි කලබල වෙන්නේ නැතිව වාඩි වෙන්නකෝ"
"බේ වෙදමහත්තයෝ, වාඩි වෙන්න බේ. පිටි පස්සේ කට්ටියක්, හරී රිදෙනවා"
"හරි, හරි වුට්ටක් ඔහොම ඉමුකෝ" වෙදමහත්තයාට කාරණය පසක් වුණේ පොඩි හිනාවකුත් එක්කම.
තෙල්කොළ කෑල්ලක බෙහෙත් ආලේපය ඔතලා, ගාන්න ඕනෙ විදියත් කියලා ලෙඩා පිටත් කල වෙදමහත්තයාට බිබි දාත්තාගේ වචන ආයෙත් මතක් විය "පිටි පස්සේ කට්ටියක්", බීබි දාත්තාගේ තට්ටමේ විසප්පුවක්...
(දෙමළ බසින් කට්ටි: හමේ ඇතිවෙන ගෙඩි/විසප්පුව/cyst)
* 80 කාලේ සිදුවූ සත්‍ය සිදුවීමකි
Friday, January 27, 2023
තොපට විතර ද රජෙක් ඉන්නේ | Kingdom
Friday, January 20, 2023
සුවඳ බොන රසාංකුර
Thursday, January 12, 2023
ලොකු බිත්තර දාපන්කෝ කිකිළියේ...
බිත්තර හැදෙන හැටි, කෙටි වීඩියෝවක් බලමු: