නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Sunday, May 28, 2023
මූ-ලෝ-උපාය - Strategy
Friday, May 26, 2023
වට වට - Circles
සටහන:
ජ්‍යාමිතිය අනුව වට, කවය, වෘත්තය කොහොම කිව්වත් circle, මිනිස් සමාජයේ ද කවයන් ඕනෑ තරම්ය. කවයන් හැටියට ඒකරාශී වෙන තැන සම හෝ ආසන්න වශයෙන් සම අදහස්, සිතුම් පැතුම්, රුචියන් තිබිය හැකිය, ඒ වගේම වෙනස් කවයන් දෙකක වුණත් සමාන අදහස් දරන කොටස් සිටිය හැකිය. ජ්‍යාමිතිය අනුව කවයන් කීපයක් එක මත එක සමව හෝ අසමව වැටීමෙන් ඇති වෙන්නේ, සමවාය; එහෙමත් නැතිනම් ඒ කවයන්හි පොදු තැන ඒක union හැටියට කියන්නේ. වට, වට වටා ඒකරාශී වුණත්, ඉන් මතුවෙන පොදුතාවය, ජ්‍යාමිතිකව ඇති කරන අලංකාරය අලුත් රූප මවන්න පුළුවන් නේද? එහෙමනම්, සමාජයේ...
Tuesday, May 16, 2023
ක්ෂිතිජ ඉම - The Horizon
Saturday, May 13, 2023
සින්දූර ගස | The Oak Tree
හැමුවා මහා කුණාටුවක්
රැයේ පටන් දවස පුරාම
උදුරාගෙන ගියා ගසේ කොළ
ලොකු අත්තකුත් බිඳගෙන කඳෙන්
සින්දූර ගස පෙළා හෙම්බත් කර
එනමුදු,
සින්දූර ගස දරා සිටියා
අවට ගස් උදුරා වැටෙද්දි බිම
වෙහෙසට පත්වූ සුළඟ
ලං වෙලා විමසුවා හෙමිහිට
සින්දූර ගසේ, කොහොමද නුඹ
නොවැටී ඉන්නේ කෙළින්, තවම
සින්දූර ගස තැන්පත්ව කියා සිටියා,
සුළඟේ, මම දනිමි නුඹට පුළුවන
අතු ඉති මගේ සිඳ බිඳ දමන්නට
ගසාගෙන යන්නට කොළ ඉවතට
රිදවන්න මගේ කඳ, අඹරන්න
එනමුත්,
මට ඇත මුල් පස තුළටම විහිඳුන
උපන් දා සිට දින දින සවියෙන් වැඩෙන
දුටුව ද නුඹ, පුළුවනි ද අත තියන්න
එයයි මගේ සවිය, බලවත්
අද වෙනතුරු,
දැන සිටියේ නැහැ නෙව
මෙතරම් ඔරොත්තු දිය හැකි ද මට
තුතිය නුඹට,
අද දැනගත්තෙමි
කෙතරම් ශක්තිමත්ද මා
* ඇමෙරිකානු ජාතික, Johnny Ray Ryder Jr. කවියාගේ "The Oak Tree" නිර්මාණයේ පරිවර්තනයකි.
* ඕක් ගස හැඳින්වීමට වැඩියේ භාවිතා නොවන සින්දූර ගස කියන සිංහල යෙදුම පාවිච්චි කරා. ඕක් ගස විහිදුන අතු, පිරි කොළ වලින් අලංකරය වගේම නුවණ, ශක්තිය හා ඔරොත්තුදීමේ සංකේතය හැටියට ගැනේ.
* සින්දූර ගස අපිට ලොකු පාඩමක් කියාදෙනවා නේද?
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
රන්ඳා උසක රෑනින් එබී බැලූ සහසක් මල් අතරින් පළලූ පොඩි මලක් වූ ලේනුන් මීයන් මඟහැර මෝරා හැඩ වූ ගිලිහී නටුව වැටුණ ද උසකින් ස...


