සැඳෑ අහසේ මලානික හිරු
නෙක රටා මවනා වළාකුළු
ඈත දියඹෙන් ලහි ලහියේ
පෙරලන් එන දිලෙන රැලි...
හමුවෙලා දෝ
අහස නැමී සයුරට
ඈත,
ඈත සිතිජයේ...
සත්තයි, අසාවි
සාගර දිය ඇයි මෙතරම් කඨෝර
කොහෙන් දෝ මෙතරම් ලුණු,
අපුල කරන් නහය...
යටපත් කරන්න නොහැකිව
රහසේ රූටා වැටෙන
කඳුලේ,
නිම් නැති බර උරලන
හෙම්බත්ව වැගිරෙන
දහඩියේ
ලුණු...
අනේක දුක දරන
ලය නොපලා නික්මෙන
හිස් සෝ සුසුමෙ
කොහේ ද සුගඳ...
උන් දනීද එ'වග
හැමදාම
පාට පාටින් අඳින්නෙම
සිතිජය...
හරිම ලස්සනයි
ReplyDeleteජයවේවා !!!
බොහෝම ස්තුතියි දුමී
Deleteහ්ම්ම්..සිතිජයක හැඩ...
ReplyDeleteහ්ම්, සිතිජය හැඩ මවනවා වෙරළට, ඒත් මුලාවක් මිස හමුවීමක් නැහැ නෙව. එක් වුනොත් සත්තයි අඩාවි...
Deleteබොහෝම ස්තුතියි ඔබට.
++++කවිය නම් මනරම් - -- Mayya - https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteබොහෝම ස්තුතියි මයියා
Deleteකොහෙන්ද මේ ලුණු, කඳුළු, දහදිය, සුසුම්.. අමුතුම රටාවක්
ReplyDeleteපද පෙළ ගැස්මක්. ලස්සන නිර්මාණයක්
බොහෝම ස්තුතියි ඒ ඇගයුමට.
Deleteකඳුල, දහඩිය හා ලුණ දුන්න අදහසක්.
සයුර ලුණු රහ වෙන්න තරම් කඳුළු දහදියහෙලුවෙ කවුරුද?
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteඅහස නමලා ගෙනත් දෙනවා වගේ පෙන්වන නමුත් කරන්නේ මුලාව, ඒ illusionයේ තියෙන්නේ මුලා කිරීම. මෙතැන සමාජ, දේශපාලනය වගේම mass රැවටිල්ල පැක් කරා සීරුවෙන්.
හ්ම්ම්... එකපාරට ම මතක් වුණේ, සරත් ලංකාප්‍රිය වරක් ලියලා තිබුණා, "මහ පොළොවට ලුණු අවශ්‍යයි. නමුත් ටිකක්..."
ReplyDelete😊👌
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteමට මේ වෙලාවේ මතක් වුනේ කන්ද උඩ දේශනාව!
ReplyDeleteලුනෙහි ලුනු රස නැතිවුවහොත් එය කිමකින් නම් රසවත් කරන්නෙම්ද?
බොහෝම ස්තුතියි.
Deleteඇත්තෙන්ම සීනි, ඇඹුල් රස නැතිව මැනේජ් කරන්න පුලුවන් වේවි. ඒත් ලුණු රස නැතිව -- ඒක හිතාගන්න බැරි දෙයක් නෙහ්.
අපූරුයි
ReplyDeleteබොහෝම ස්තුතියි අජිත්
Delete//පාට පාටින් අඳින්නෙම
ReplyDeleteසිතිජය... // මිරිගුවට අපි මෙච්චරම කැමතිද මන්ද 💔