නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
Wednesday, September 11, 2024
බිඟුවනි මුලා නොවන්
Wednesday, August 28, 2024
සමුගන්න අවසරයි
Thursday, August 1, 2024
Wednesday, July 24, 2024
කයිවාරුව: රෝස පෙති
මිනිස් සිරුරේ ඇතිවෙන නොයෙකුත් වේදනාවන් නැසීමට එහෙමත් නැතිනම් අවම කිරීමට වේදනානාශක (painkillers) බෙහෙත් වර්ග බාවිතා කෙරෙනවා. ඒවා රිදුමට ලක් වූ සිරුරේ මතුපිට ආලේප හැටියට වගේම ගිලින පෙති, දියර හෝ එන්නත් හැටියට ශරීරගත කෙරේ.
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් වර්ග ජෙනරික් (generic) හෙවත් පොදු නමකින් හඳුන්වන ක්‍රමවේදයක් බාවිතයේ තිබුණ ද විවිධ නිශ්පාදන සමාගම් නොයෙකුත් බෙහෙත් වර්ග තම අණසකට අරගෙන ඇති බව නොරහසකි. වෛද්‍යවරයා විසින් නියමකර දෙන විවිධ සන්නාම වලින් යුත් බෙහෙත් ෆාමසියෙන් ලබාගත යුතුවෙනවා වගේම පමණක් වේදනානාශක ගමේ සිල්ලර කඩෙන් ද මිලදී ගැනිමට ඇත. ඒ වගේම ජන සමාජයේ සුලබව බාවිතාවෙන බෙහෙත් පෙති හඳුන්වන සුපතල ආදේශ නම් ද වේ.
අප රටේ පැරසිටමෝල් කියන වේදනානාශක පෙත්ත ප්‍රසිද්ධ වෙනත් බ්‍රෑන්ඩ් නමකිනි, එය පොදුවෙ කවුරුත් දන්නා ඕනෑම ලොකු පොඩි කඩේකින් මිලදී ගත හැකි ග්‍රොසරි අයිටමයකි.
ඉබුප්‍රොෆෙන් (ibuprofen) තවත් වේදනානාශක බෙහෙතකි, විවිධ බ්‍රෑන්ඩ් වලින් ඇති මෙම බෙහෙත පොදුවේ රෝසපැහැ පෙත්තකි. සැත්කමකින් පසුව වේදනාව සමනය කරන්න බාවිතා කරන බෙහෙත් පෙත්තක් වගේම හන්දි වේදනා, දත්කැක්කුම හා විවිධ වේදනා සමනය කරන ඔසුවක් වේ. පොදු ජනයා අතර රෝස පෙත්ත, වාත පෙත්ත හැටියට ප්‍රසිද්ධය.
මුවින් ගන්නා ඉබුප්‍රොෆෙන් පෙත්ත ආහාර මාර්ගයේ දී සිරුරට උරාගෙන රුධිර මාර්ගය ඔස්සේ සිරුර පුරා විහිදී යයි, ඉන් වේදනාව අඩුකොට ශරීරය සුවපත් වේ.
එමෙන්ම මිනිස් සිරුර වේදනාවන් සමනය කරගන්න හැකියාවක් ඇති ස්වභාවික ක්‍රමවේදයකින් සන්නද්ධය. ශරීරයේ යම් තැනක රිදුමක්, තැල්මක්, වේදනාවක් ඇති වූ විගස මොළය සැණින් නිකුත්කරන සංඥාවක් හේතුකොට ගෙන නිපදවෙන එන්ඩ්‍රොපින (Endorphins) රුධිර සංසරණ පද්ධතියේ රතු රුධිරාණු මගින් රැගෙන යාමෙන් වේදනා සමනයට පත් කරනු ලැබේ.
තවද, මිනිසාගේ ශරීර සුවතාවයන් හා යහපැවත්ම ගැන උනන්දුවෙන මනෝවෛද්‍ය (psychology) , විකල්ප වෛද්‍ය ක්‍රම (alternative medicine) ආදී අංශ පෙන්වා දෙන පරිදි වින්දනාත්මක සිපගැනීමක දී මිනිස් සිරුරේ එන්ඩ්‍රොපින උත්පාදනය ඉහළ යන බවත් ඉන් වේදනා සමනය සිදුවෙන බවත් කියවේ.
ඉතිං රෝස පෙති පදපෙල ගැන බලමු.
වේදනාවෙන් මිරිකෙන රෝගියෙකු මුවින් ඉබුප්‍රොෆෙන් පෙත්තක් ගිලියි. දුබල ගතේ කුස කරා යන පෙත්ත සිරුරේ යායුතු තැන් කරා ගෙනයන්න සුදුමැලි වූ රෝගි සිරුරේ ලේ ඇත්ද? ලේවල රතු රුධිරාණු (හිමෝග්ලෝබීන්) වෙත් ද? පොදු ජනවහරේ යෙදෙන රෝස පෙත්ත පදය විවිධ අරුත් එකතු කරන්න ඉඩ සලසමින් කවිරසය මතුකරන්න යොදාගත්තෙමි.
ඒ රෝගීගත කියන එකට අපේ රට කියන එක ආදේශ කර කිය වූවහොත්...
කයිවාරුව මවිසින් ෆේස්බුක් ගෲප් එහෙක හඳුන්වා දුන් විශේෂාංගයක්, ඉන් පදපෙලකට, කවියකට වාරුවක් වූ කතාවක් දිගෑරෙනවා. රෝස පෙති නිර්මාණයේ කොම්පැක්ට් බව නිසා මෙසේ කයිවාරුවක් දිගාරිමි. සහෘද නිර්මාණකරුවන් විසින් රචිත කයිවාරු කියවන්න ෆේස්බුක් #කයිවාරුව වෙත යන්න.
Monday, July 22, 2024
Tuesday, July 9, 2024
ප්‍රයාණය - The Journey
Wednesday, July 3, 2024
නුඹ මලක් රඟනා තුරු
Sunday, May 12, 2024
අම්මේ නුඹ Architect
Sunday, May 5, 2024
ඇටයක වෙත් ද
Monday, April 29, 2024
නිදහස, සාධාරණය, යුක්තිය තිබුණේ
English version: Where Fair, Free andJustice is Found?
Wednesday, April 17, 2024
අවනත සොබාව | Nature's Treat
Friday, April 12, 2024
යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී
දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු
ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?
Sunday, April 7, 2024
පාට පාට සරුවත්
Wednesday, April 3, 2024
බල්ටිමෝ - දෛවයේ සරදමක්
Wednesday, March 27, 2024
Friday, March 22, 2024
ජීවිතය ජීවත්කරන ජීවය - ජලය
අද මාර්තු 22, දිනට යෙදෙන ලෝක ජල දිනය (World Water Day) වෙනුවෙන්. මෙවසරේ තේමාව “Leveraging Water for Peace” - ලෝක සාමය උදෙසා ජලය යන්නයි.
මුල් ඉංග්‍රීසි නිර්මාණය Isha Foundation විසින් පලකරන ලද්දකි.
Tuesday, March 19, 2024
පොඩි මිනිහගේ මලගම | At The Burial Of The Common Man
Saturday, March 16, 2024
බොක්ක
මහ මුහුද භූමිය තුලට නෙරීමෙන් ඇති වූ පෙදෙස බොක්කය. ඉන්දීය සයුරේ පිහිටි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් සුවිසල් බෙංගාල බොක්ක වගේම වයඹින් මන්නාරම් බොක්ක යන බොකු දෙකය. බෙංගාල බොක්කේ තත්වය අපේ රටේ දේශගුණයට වගේම කාලගුණයටත් බලපෑම් කරන ප්‍රධාන සාධකයකි. බෙංගාල බොක්ක Bay of Bengal වෙන අතර ලංකාවේ දේශපාලන කලාව විටින් විට මතුකරන, රැල්ල යටම නිදියන ඛණිජ නිධි ඇතැයි කියන්නේ Bay of Mannar බොක්කේය.
ප්‍රමාණයෙන් ලොකු කුඩාව මුහුදුකරයේ පිහිටි බොක්ක ධීවර කර්මාන්තයට පිටුවහලකි. දකුණේ වැලිගම බොක්ක ප්‍රමාණයෙන් ලොකු, නවතා තබන ධීවර යාත්‍රා වලින් අලංකාර දසුනක් මවන තැනකි.
පසෙකින් රූමස්සල කඳුවැටිය ද අනික් පැත්තෙන් පෞරාණික ගාලු කොටුව ද අතරින් එබී බලන ඉන්දියන් සයුර හදන බොක්ක ලොව සොබාවික වරායන් වලින් එකක් උරුම කර දෙමින් ගාල්ලට ගෙන දෙන්නේ සුන්දර දසුනකි. ගාලු වරාය වගේම ලොව Yacht/යොච් යාත්‍රාකරුවන් අතර ගාල්ල සුප්‍රසිද්ධ බොක්කකි, වසරේ නොයෙක් කාලවල විවිධ පාට හා මෝස්තර වල යොච් යාත්‍රා වලින් ගාල්ල ලස්සනවේ.
සම්ප්‍රාදායීක ලාංකික නිවසක මුලුතැන්ගෙයහි මූලික අංගයක් වූයේ විවිධාකාර ලිප් වලින් සැදුම්ලත් ලිප් බොක්කය. කාලයාගේ ඇවෑමයෙන් නවීකරණය වුව ද ශබ්දනඟා කියැවුනේ නැතත්, විවිධ නම් වලින් බෞතීස්ම වුනාට කවදත් නිවසෙක වැදගත්ම බොක්ක එයය.
එතැනින් පිලියෙල වෙන ආහාර රසකර අනුබව කර පසුව ගිහින් තැන්පත් වෙන තැන ආහාර බොක්ක ආමාශයයි. පමණට වඩා බුදින ආහාර නිසා කෑම බොක්කේ ඇතිවෙන කැලතිල්ල, අසීරුතවය නැත්නම් 'ගෑස්ටික්' ඇතිකරන පීඩාව අච්චර නම් ඒසා විසාල බෙංගාල බොක්කේ කැලඹිල්ල කොච්චර නම් වෙත් ද?
අහුලා කන කුකුලාගේ මෙන්ම හැමදේම අනුබව කරන කැරපොත්තාගේ ආහාර ජීරණය පද්ධතියේ ග්‍රයින්ඩරය ගොජුර (gizzard) ද තවත් බොක්කකි.
ඒ බොකු මේ බොකු මොනවා වුනත් සිංහල බස්වහරට මෑත අතීතයේ එක් වූ බොක්ක ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය කුළුපඟ, සුමිතුරු, සමීප, ෆිට් මිතුරෙකි. එනමුත් ජනවහරේ කියවෙන්නේ 'එකට කෑවත් බොක්ක වෙනස් ' කියාය.
ඒ හැර ඔබ දන්න තවත් බොක්ක ඇත්නම් Comment කරන්න.