Tuesday, January 24, 2012

බලා ඉඳිමු මන්දාරමක්



නෙක රටා මවන
හැඩ වලා පිරෙන
කළු වියන් එලෙනවා
නුහුරු ජනේරු සීතලක්

පුංචි කුරුලු රෑනක්
උඩු ගුවනේ ඉහළට නැග
අඳුරු වලා අතර සැඟවෙන
රූං ගා කඩා වැටෙන
පිනුම් පානවා සතොසින්

හැංඟී බලා ඉන්න බැරිවද
එඹිකම් කළේ හිරු කිරණ
කළු වලා අතරින් රිංගා
පාට අරන් අඳුරු අහස
කුරුල්ලනේ කූඩුවුණා ද සොවින්

පාට වලාකුළු රඟදෙති
සීත අහසේ දුව පැන
වැහි ලිහිණියනේ ඈතින් ආ
බලා ඉඳිමු තව මන්දාරමක්
ගෙනෙන තුරු පොද වැස්සක්


පිංතූර: කවුළුව තුළින් මා සොබාසිරිය දුටු හැටි (22-01-2012)

Thursday, January 12, 2012

විහඟුනේ රෑනින් වරෙව්


රංචු හැදී රටාවට
ඈතින් එන කුරුල්ලනි
විඳින්නට ඉරු රැස්...
සීතයි මෙදා
නාවත් තරහා නැතේ
පාතින් පියාඹන්...
සිරිපුර දේසේ බලන්
විහඟුන් වුණත් තොපටත්
නියමුවෙක් ඉන්නා හැටි,
විඩාබර විට දී පසුබැස
රැළ රැකගන්නා හැටි,
රටාවට තටු සලා
පවන ද ජයගන්නා හැටි
පෙන්නා යමන්...
වසන්තයේ ඈත ගියත්
රෑනත් එක්ක ආයෙත් වරෙව්...

සටහන: රටාවට පියාඹන කුරුල්ලන් ගැන වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න පුළුවනි

Image Credit: http://www.sedonaobserver.com/images/formation.jpg

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts