Sunday, September 25, 2022

සෙනෙහබර තිත්කොමාව

 


ජීවිතයට අරුත්බර විරාමයක් එක්කර ගැලීමක් දුන් තිත් කොමාවට (;) සෙනෙහසින්...

Tuesday, September 13, 2022

හිදැස the Space


 

හිදැස
විටෙක අනන්ත අප්‍රමාණ සාගරයේ ඈත
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජය තරම්
පරතරයක්…
ගව් ගානක දුර හිටියත් මොහොතකින්
සැරිසැරිය හැකි
ළඟපාතක්…
තවත් සමහරවිට ඇලී ගැලී ළඟම හිටියත්
හිතෙන් ලං නොවූ
රික්තකයක්…
පමණක් අවස්ථාවල ජීවිතය අරුත් බර
කරන්න නිසි තැන දී 
ලැබිය යුතු, ලබා දිය යුතු,
පුංචිම පුංචි ඇසට පෙනෙන, නොපෙනෙන
දායාදයක්, වස්තුවක්
නොවෙද...

Sunday, September 4, 2022

ජීවිතයට අරුම හතක් | 7 Wonders for Life

 



දකින්න - ලස්සන හැමවිටම
අහන්න - උවමනාවෙන්, දෙසවන් යොමා
ස්පර්ශ කරන්න - සිත් පිරිමදිමින්
රසවිඳින්න - රසාංකුර විතරක් නෙවෙයි සිත, ඇස්, කන් ද පිනවමින්
දැනෙන්න - මුවින් නොකියන හිතක හැඟුම්
සිනාසෙන්න - සතුට බෙදමින්
ආදරය කරන්න - මින් පෙර කවදාවත් නොකර ලෙසින්


Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts