Wednesday, April 26, 2017

නොපිදූ පිදුම



දෝතට ගත්
ගල්කැට අහුර
මුදාහලෙමි
කැටය කැටය
දමා ගැහුවත්
කන්දක ගල්
මදි හින්දා...


English version: Threw Away

Sunday, April 9, 2017

කුමරියේ බැලුම් හෙළන



තට්ටු තරාදිය කොක්ක උඩින්
වමතින් ඔසවාගෙන
දෙපැත්ත කැපෙන කඩුව
අනික් අතින්ගෙන
නීල දෑස රෙදිකඩකින්
වසා අඳකර
ජිප්සි සාය රැළි වළලුකර
වටා හැඩකර
කුමරියේ...

මලකඩ බැඳි
හයි වුණ පුරුක් දම්වැල්
එල්ලෙන තට්ටු යුවළ
දණ්ඩ මැද්දෙන් කොක්ක බදාගෙන
කිරන්නේ කෝමද සම බරව...
තිබුනට මුවහත දෙපැත්තේ
එක වගේ නැති කඩුව
කපන්නේ කෝමද සම සමව...
ඇත්ත කියාපන්
කුමරියේ...
දිරාපත්ව සිදුරු පෑදුණ
ඇස්බැඳි රෙදිකඩ තුළින්
නුඹ බලනවා නේද
නොපෙනෙනා සේ...

විඩාබර නම්
කුමරියේ...
පසෙකලා මොහොතක්
ඇස්බැඳි රෙදිකඩ 
තට්ටු තරාදිය
දෙමුවහත් කඩුව
දැතේ ඇඟිලි තුඩුවලින්
මෑත්කර විහිදුවා
රැළි සාය රවුමට
නටමු 
අහිකුණ්ඨික නැටුමක් 
සංගීතෙ තාලෙට...

English version: Beauty in Sad

Friday, April 7, 2017

කඩවීදියේ පායන අවුරුදු සඳ

නිදිකිරන කාර්තුවක් ඇදගෙන
ගාටමින් යන මාර්තුව අග
කඩවීදියේ තැන තැන
කූඩාරම් කඩ පූදිනවා

ලොකු සාප්පු කඩවල
රාක්ක මත සැතැපෙන අයිටම්
අලුත් මෝස්තරවලට ඉඩ දී
පාර දිගේ අවුරුදු සේල් වෙනවා

ගිනි කාස්ටකේ බැට කන
කඩවීදිය සෝ සුසුමෙන් පුරවන
පොඩි සීසනල් මුදලාලිලා
කොහා කොහේදැයි විමසනවා

විඩාබර දවස අග ඉර
ඈත සයුරේ සැඟවෙන්නට මත්තෙන්
කඩවීදියේ පායන සඳ
පොලී මුදලාලි හිනැහෙනවා...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts