Friday, June 28, 2013

වියපත් තොටියා (Journey…)



ඉහළට වහී
ගඟ දිය බොරයි
සුළි වට කැරකේ
රැළි දී ගලයි
ඉවුරු පාළුය
එගොඩ මෙගොඩ වූ අය බෝ'දුර
තනි වූ ඔරුකඳ
කුඹුක් සෙවණේ කණ්ඩියේ...
උඩුගං යන්නට
හබල සවි ද මන්දා
ගඟ දිය දිගේ
පහළට පදිනවා
අද හෙට නැතිවෙන
ගඟබඩ අසිරිය විඳිමින...
කඩොලානේ පඳුරු අතර
කුරුලු කිචිබිචිය කෑකෝවකට හැරෙන්නේ
තිත්ත පැටවුණේ ඇයි මඟ අහුරන්නේ
ඔරුකඳ හනි හනිකට පහළට ඇදෙන්නේ
මොනවා!
මෝය කට පාදලා
ගං දිය වැරෙන් මුහුදට ඇරෙන්නේ
ඈත කදුරු අත්තක් අත වනන්නේ...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts