Showing posts with label පරිවර්තන_කවි. Show all posts
Showing posts with label පරිවර්තන_කවි. Show all posts

Saturday, August 1, 2026

ආම්පන්න | Equipment (Motivational Poetry: say "I can")




ආම්පන්න | Equipment (Motivational Poetry: say "I can")
දරුවා, ඔබ ඔබව තේරුම් ගන්න,
සෑම ශ්‍රේෂ්ඨයෙකු සතු වූ හැම දෙයම ඔබ ද සතුව ඇත,
දෑත්, දෙපා, දෑස්
සහ නුවණ, පාවිච්චි කළොත් ඔබ බුද්ධිමත්ව,
මෙ ආම්පන්න වලින්මය ඔවුන් සැම ද පටන් ගත්තේ,
එනිසා
මුලපුරනු මැන එකසිත්ව, "පුළුවනි මට!".


බලන්න, හොඳින් බලන්න බුද්ධිමත් හා ශ්‍රේෂ්ඨ ඔවුන් දෙස,
ඔවුන් ද ආහාරය ගන්නේ පිඟානක,
පළඳින්නේ පාවහන ගැට ගසා ලේස් පටිය,
ලොවම පිළිගනි ඔවුන් එඩිතරය, කඩිසරය,
එනමුත්,
ඔබ ද සතුය සියල්ලම ආරම්භයෙදී ඔවුනට තිබුණා වගේම.


ඔබට ද පුළුවනි පටන් ගන්න විජයග්‍රහණයේ පෙළහැර - විස්කම් පාමින්,
ඔබට ද පුළුවනි ශ්‍රේෂ්ඨයෙකු වෙන්න - හිත ඇතිනම්,
ඔබ ද හොඳින් සන්නද්ධය -  තෝරාගන්නේ නම් ඔබේ සටනට,
ඔබ සතු පා, අත්, නුවණ හොඳින් පාවිච්චිකරන්න,
පිබිදුන මිනිසෙකුට, ශ්‍රේෂ්ඨ දෑ කරතෑකි,
ජීවිතය පටන් ගන්න,
මුලදී ඔවුන් සතු අමුතු යමක් නොවිය.


ඔබ අංගවිකලයෙකු, අසරණයෙකු කරගත්තේ ඔබමය, නැගී සිටිය යුත්තේ ද ඔබමය,
ඔබ තෝරාගත යුතුවේය තැන ඔබ සිටිය යුතු,
කියන්න ඔබේ ඉලක්කය,
ඔබ මොනතරම් සොයා බැලුවාද, සත්‍යය වටහා ගත්තේද?
දිවිය ජයගැනුමට ඇවැසි හැම දේ කිසි අඩුවක් නැතිව ඔබට තිළිණ කර ඇත,
එනමුත්,
තීරණය ඔබගේය, ඔබට කවුරුන් විය යුතුද?


දිරිය ගත යුතුවන්නේ ඔබමය,
ජයගන්න නම් ඕනෑකම මිනිසා තුළ තිබිය යුතුමය,
ඉතිං, දරුවා, ඔබ ඔබව තේරුම් ගන්න,
ඔබ උපන්නේ ද සෑම ශ්‍රේෂ්ඨයෙකු සතු වූ හැම දේ ඔබ ද හිමිකරගෙන,
ඔබ සතුය ආම්පන්න වලිනි ඔවුන් ද පටන්ගත්තේ, 
හඳුනාගන්න ඔබ, ඔබව,
පිළිගන්න,
කියන්න "පුළුවනි මට!"


Equipment poem by Edgar A. Guest
Figure it out for yourself, my lad,
You've all that the greatest of men have had,
Two arms, two hands, two legs, two eyes,
And a brain to use if you would be wise.
With this equipment they all began,
So start for the top and say "I can."


Look them over, the wise and great,
They take their food from a common plate
And similar knives and forks they use,
With similar laces they tie their shoes,
The world considers them brave and smart.
But you've all they had when they made their start.


You can triumph and come to skill,
You can be great if only you will,
You're well equipped for what fight you choose,
You have legs and arms and a brain to use,
And the man who has risen, great deeds to do
Began his life with no more than you.


You are the handicap you must face,
You are the one who must choose your place,
You must say where you want to go.
How much you will study the truth to know,
God has equipped you for life, But He
Lets you decide what you want to be.


Courage must come from the soul within,
The man must furnish the will to win,
So figure it out for yourself, my lad,
You were born with all that the great have had,
With your equipment they all began.
Get hold of yourself, and say: "I can."

* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


ඇමෙරිකානු ජාතික Edgar A. Guest කවියාගේ නිර්මාණයක් වෙන "Equipment" කවියේ පරිවතනයකි. 1881 වර්ෂයේ එංගලන්තයේද් දී උපත ලද එඩ්ගාර්, දහවන වියේ දී දෙමාපියන් සමඟ ඇමෙරිකාවට පදිංචියට ගොස් ඇත. ඔහුගේ "Equipment" කවිය තරුන්‍යායට අමතන, දීරිමත් කරන (Motivational Poetry) වදන් එකතුවක් හැටියට පිළිගැනේ.

ආත්ම විශ්වාසය, සමාන විභවය සහ පුද්ගලික වගකීම උගන්වන ආශ්වාදජනක කවියක්, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයින් වගේම සමාන මූලික භෞතික හා මානසික ආම්පන්න සමඟින් සෑම කෙනෙකුම උපත ලබන බව පාඨකයන්ට මතක් කර දෙයි.

"ගැටවරය, ඔබ උපත ලබා ඇත්තේ සෑම ආම්පන්නයක්ම හිමි කරගෙනය, එහෙත් ඔබේ ඉරණම, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ තේරීම ඔබ අතය" යනුවෙන් සාරංශ ගතකරන්න පුළුවනි.


ps: Equipment යන්න උපකරණ, මෙවලම් හැටියට  ද ගත හැකිමුත් පරිවර්තනයේ දී ආම්පන්න හැටියට (බහුවචනයෙන්) යෙදා ගත්තා.


Saturday, June 20, 2026

මහද පිරිමැදි | Touched My Soul

 


මහද පිරිමැදි සෙනෙහස අතුරින්,
බොහෝ සේ දැනුන,
වඩාත් උත්කෘෂ්ට,
ඒ ඔබය.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Creig Crippen)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Friday, March 22, 2024

ජීවිතය ජීවත්කරන ජීවය - ජලය


මෙලොව අර්බුදයකට හැරෙන
ජීවිතය ජීවත් කරන්න ගිවිස
ඔබව රකින මූලික දෙයක්,
එපා, එපා නොසලකා හරින්න මා...
දනිමි මා ඔබ කවුරුන්ද,
එපා හිත් වේදනා ඇති කරගන්න
ඔබේ කතාව මා නොදන්න
මමය ඔබේ මතකය
නැතිවුනොත් මා, නිසැකව ඔබද 
එපා යන්න ඈතට, වෙන්න මට අවංකව
රැකගන්න හොඳට, පරිස්සමෙන්
සෙනෙහසින්, මා නිමල
මා ඔබය, ඔබ මාය
එන්න, එන්න මා වෙත
මා වෙමි ජලය, නිදහසේ උපන්
සුරකිනු මැන,
නැත්නම්
මා ඈත, ඈතක පලායන...

සටහන:
අද මාර්තු 22, දිනට යෙදෙන ලෝක ජල දිනය (World Water Day) වෙනුවෙන්. මෙවසරේ තේමාව “Leveraging Water for Peace” - ලෝක සාමය උදෙසා ජලය යන්නයි.
මුල් ඉංග්‍රීසි නිර්මාණය Isha Foundation විසින් පලකරන ලද්දකි.

Tuesday, March 19, 2024

පොඩි මිනිහගේ මලගම | At The Burial Of The Common Man

පෙරහැරේ වාහන දෙකක් පමණි
කවුරුවත් දකින්නැතුව ඇති
සලිත, කම්පිත, වේගයෙන් හද ගැස්සෙන
මා බිය වූයෙමි.
පිරිමියෙකු නේද?
හිතට හයිය ගත්තෙමි.

බෝහෝ වැදගත් යමක් සිදුවිය
මේ දැන්, මෙලොව
මිමිනුවෙමි ජාතික ගීය.
තව දරාගත නොහැක මහදට.
පෙරහැර දෙස බැලුවෙමි.
මැඩගෙන, දිව ගොස් එක් වුයෙමි
මිනීවල වටේ උන් කීප දෙනා අතරට.
දිරිය ගතිමි, මිදුනෙමි නොරිස්සුමෙන්.
මලගිය ඇත්තෝ,
ඒ නාඳුනන මිනිසා කවුරු වුනත්,
මට අරගලයට පණ දුන් ජීවියෙකි.
එනමුත් දැන් ඔහු තනිවුන,
මුනිවත ඔහුගේ එකම ජය.
වැලපෙන්නෙමි
තම එකම එක සෙන්පතියාගේ සොහොන අසල
සෙබලෙකු විලස.

At The Burial Of The Common Man
For Raúl Luis
When a funeral procession passes by followed by only two cars  and no one notices, I tremble, I shake, I palpitate, I'm afraid to be a man. But I get over it.
Something very important has just happened in the world and I begin to hum the National Anthem. By now my heart can’t take it. I had followed the procession with my eyes. Suddenly I break into a run, I stand next to the others around the grave, I gather my courage and drop in a handful of dirt. That dead man is for me the triumph of the species, that anonymous dead man who was, despite it all, the spirit of the battle. But now the dead man is alone, silence his only victory. And I weep like a soldier before the tomb of my only general.

කියුබානු ජාතික Rafael Alcides (1933-2018) කවියාගේ At The Burial Of The Common Man (For Raúl Luis) කවියේ පරිවර්තනයකි.

Saturday, December 30, 2023

ඇල්ම | Affection (ශනිදා දහයට!)

 


අයෙකු ගැන
ඇලුම් හිතක් පහල වෙන්න විනාඩියක් ඇති,
කැමත්ත ඇති වෙන්න පැයක්,
සෙනෙහසක් ඇති වෙන්න දවසක්,
එනමුත්,
අමතක කරන්න ජීවිත කාලයක්...


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kahlil Gibran)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

සටහන: Crush කියන එක බලවත් ස්නේහය කියන අරුත දෙන නමුත් ඒක පාර්ශ්වික අදහස, ගැලීම හා තීව්‍රතාවය මතුකරන්න ඇල්ම වචනය තෝරාගත්තා.

Saturday, December 23, 2023

ඔබට පෙම් කරමි | I will Love You (ශනිදා දහයට!)

 


මා ඔබට පෙම් කරමි
හිරු දවනතුරු ආකාහේ,
සඳ දිළෙනතුරු
අඳුරු රාත්‍රියේ.
රුදුරු නිල් සයුර
නිසසල වෙනතුරු සිඳී,
මා ඔබට පෙම්කරමි
කාලය ගෙවෙනතුරු.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christy Ann Marine)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, December 9, 2023

ඔබමය ප්රදීපාගාරය කුණාටුව | Light House and Storm (ශනිදා දහයට!)

 


කලහලකාරි රළු සිතුවිලි
ඔබේ සිත් වෙරළ පෙලද්දි
එපා බියවෙන්න, ඔබමය ඔබේ
ප්‍රදීපාගාරය, කුණාටුව එකලෙස

එපා මුදාහරින්න, දැඩිව අල්ලාගන්න
රළු, මොර දෙන කුණාටුව
මෙල්ලකරන්න, හිතැඟි ලෙස
තෝරාගන්න, අවදිකරන්න ඔබේ හඬ 
පතුරවා අණසක "සාමකාමීව, තැන්පත්ව"


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, November 11, 2023

මුදු වෙනු මැන | Be Soft (ශනිදා දහයට!)

 


ඔබව කඨෝරයෙකු කරන්න
ලොවට ඉඩ නොදෙන්න.
අනේක රිදුම් නිසා ඔබ,
ඔබව ප්‍රතික්ෂේප නොකරන්න.
අමිහිරි අත්දැකීම්,
කරුණාවන්ත ඔබ වෙලාගන්න ඉඩ නොහරින්න.
ආඩම්බර වෙන්න,
කවුරු එකඟ නොවුවද
ඔබ ඉන්න තැන සුන්දරය.


Iain S. Thomas කවියාගේ Be Soft කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, November 4, 2023

සමාන බව | No Difference (ශනිදා දහයට!)

 


රටකජු ඇටයක් තරම් පුංචි
විසල් යෝධයෙකු වුව ද
අප සැම ලොකු කුඩා නොවෙන්නෙමු
අඳුරේ, වහන් කල විට එළිය
රජෙකු තරම් පොහොසත්
ගුල්ලෙකු තරම් දුප්පත් වුව ද
අප සැම වටී එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
රතු, කළු, රඹ,
කහ හෝ සුදු වුව ද
අප සැම දිස්වෙන්නේ එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
එනිසා, හැම දේම හරි ගස්සන්න
හරි මගට ගන්න
වහන් කලා ද එළිය (දෙවිඳුනේ)
ගිල්වා අප අඳුරේ?


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Shel Silverstein)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, November 1, 2023

පුංචි සිනාවක් | Sunny Smile


 

පුංචිම පුංචි ප්‍රසන්න සිනාවක්,
අගේ නැතුව පිදුව,
එනමුත් උදා එළිය මෙනි
රෑ අඳුර පලවා හැරිය,
දවසම පුබුදු කර
ජීවිතයට වටිනාකමක් දුන්න.



නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Friday, October 27, 2023

ඇය | She

 




ඇය
ශක්තිමත්ය ඔබ සිතනවාට වඩා
බලවත්ය  ඔබ දන්නවාට වඩා
නැණවත් ඇය පෙන්වනවාට වඩා
අව්‍යාජ ඔබ දකිනවාට වඩා
ඇයට හැකිය දකින්නට
සුන්දරත්වයක් හැම දෙයකම
පෙරළිකාර,
ත්‍රාසය මුසු,
නමුත් අචල
විශ්වාසවන්ත.
ඒ ඇය,
වෙන කවුරුද...


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: P.T. Berkey)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, October 21, 2023

ඇතමෙකුට ඇය අමුතුය | Some Found Her Odd (ශනිදා දහයට!)

 


ඇතමෙකුට ඇය අමුතුය
දියමන්තියට වඩා 
කවියට මන බැන්ද ඇය,
කරවට මුතුමාලය ඇයගේ
අලංකාර වදන් පෙලකි,
ලස්සනට අමුණන.
ඇයගේ විපුල හදින්,
අලංකාර මොහොතක් සිතුවම් කරන
අමිල සිනහවෙන් පුරවන,
ඇතමෙකුට ඇය අමුතුය.
එනමුදු මට, ඇය ශ්‍රේෂ්ඨය
මැණික විරල.


* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, October 18, 2023

ලයිට් හවුස් | Light House

 



කාරි නැත කුණාටුව,
නුඹය ආලෝකය නිතොර
මග කියන
මයේ නිවහනට...

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Brandi Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Sunday, October 15, 2023

ඔබය මාහැඟි | The Finest

 


ඔබය මාහැඟි,
ආදරණීය,
මුදු,
වඩාත් සෝබමාන
පුද්ගලයා මා සොඳින් දන්න
-- එනමුදු එයද අවතක්සේරුවකි
(නොදනිමි කෙසේ පවසන්න ද?)

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, October 14, 2023

මුහුදු රළ | A Wave (ශනිදා දහයට!)

 



ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්
බොහෝවිට
ඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.
ඔවුනට අතදෙන්න.
දියේ ගිලීම
හැමවිටම
ගිලීමක් හැටියට
නොපෙනෙන්න පුලුවනි.


Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Friday, October 13, 2023

තනි වාක්‍යයක් වූ මා | Merely a Sentence

 


මා හුදෙක් තනි වාක්‍යයකි
ඔබේ ජීවිතයේ.

එනමුත් මා පිරවූයේ
පොත්ගුල
ඔබ ගැන සිතමින.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: o.l)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Thursday, October 12, 2023

ප්‍රේමය | Love, Story or Poetry

 


එය
පවතින්නේ නම්,
ප්‍රේමයකි.
ඉවර වූයේ නම්,
පෙම් කතාවකි.
පටන්ගෙන නැති නම්,
කවීකමකි.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, October 11, 2023

සිහින දකින්නන් | Dreamers

 


ඔවුනට පුලුවන
බලන්න
ඇස් ඉමෙන් එපිට
දකින්න
හැම දෙය පුලුවන් වෙතැයි.
ඔවුන්
මාගේ ප්‍රියයන්ය --
සිහින දකින්නන්.

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Topher Kearby)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Tuesday, October 10, 2023

මට අවැසි | I Want You

 


මට අවැසි නුඹ
පොඩි ළමයෙකු වගේ
කඩසාප්පුවල ඇති
කැඩෙන බිඳෙන හැම දෙයම
අතපත ගාන,
මට උවමනා නුඹ
කැලෑ මලක් වගේ
ඉඩෝරයේ වරුසාව පතන,
මට ඕනේ ඒත්තු ගන්වන්න
මම ආදරෙයි නුඹට
මින් පෙර කවදාවත්
කවුරුවත් නුඹට ආදරේ
නොකළ තරමට.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kristina Mahr)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Monday, October 9, 2023

ඉඳහිට | Blue Moon

 


ඉඳහිට අමුතුම දෙයක් සිදුවෙන,
එහෙමත් වෙලාවක සිහින සැබෑවෙන,
මුළු ජීවන රිද්මයම වෙනස්වෙන,
එහෙමත් දවසක නිල් සඳ මෝදුවෙන.

සටහන:
Once in a blue moon ඉංග්‍රීසියේ ලස්සන යෙදුමක්, බොහෝම විරලව, ඉඳහිට කියන අදහසින්. 2023 අගෝස්තුවේ පුරපෝය දින දෙකක් වැටුනා, ඉඳහිට එක ග්‍රෙගෝරියානු හෙවත් ඉංග්‍රීසි කැලන්ඩර මාසයක පුරපෝය දෙකක් යෙදීම Blue Moon හැටියට ඉංග්‍රීසියේ බාවිතාවේ, ඇත්තටම එය නීල වර්ණ සඳක් නොව විරල සිදුවීමක් කියන අදහසය.

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Julia Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts