Showing posts with label පදවැල්. Show all posts
Showing posts with label පදවැල්. Show all posts

Wednesday, September 2, 2026

නුඹ මඟෑරුනා - I Missed You Out

 



නුඹ මඟෑරුනා මට,
රළ මියගිය
සයුර සේ

තරු ද නිදි
අහස සේ

තුරු ලතා නැති
අරණ සේ

පෙති නැති
මල සේ

අත්තටු අහිමි
විහඟෙකු සේ

වචනයක් පවා නැති
වැකියක් සේ

ලියන්නට බැරි වූ
කවිය සේ

නුඹ මඟෑරුනා...



පදපෙල මියුරු ගීතයක් හැටියට සවන්දෙමු ද?

තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

Saturday, August 29, 2026

ප්‍රදීපාගාරය: අඳුරට එළියක්

 


විඳගෙන රළු රළ උපේක්ෂා
විදින රැස්කඳ අඳුර සිසාරා
කියන පාර ගල්පර බේරා
පතන නැති තුතිමල් කිසිදා

ඔරුපාරු සුවිසල් නැව් නැත කාරි
ලොකු පොඩි රළු රළ පේළි
එගොඩ මෙගොඩ පැද යන්නට බේරි
අඳුර දෙබෑකර විදිනා රැස් කාන්ති

පාමුල පෙණ පිඬු පිපී පරවෙන
හමන මදනල මාරුත එකසේ පිළිගෙන
ඉසව්ව නුඹේ ගිලුන ද අඳුරින
දල්වා පහන හද පතුලෙන් බැබළෙන

අප හැම තුල ඇත එළියක බලයක් 
දුක ගැහැට නෙක කරන අඩු වැඩියක්
විය හැකිය තවෙකෙකුගේ අඳුරට එළියක්
ලද නොලද වුව තුති මල් කළඹක්



ලබන්නට නොව ලබා දෙන්නට ආලෝකය


the Lighthouse කියවන්න ඔබ සැමට ආරාධනා!

Thursday, August 20, 2026

අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg

 


"නරක් වෙලා"
උගුල්ලපු දත
හරව හරවා බලනවා
දොස්තර
කීපවරක්ම ඔහුම පුරවපු
දත...

සයුරේ පාවෙන
අයිස් කුට්ටියක
දිය යට වෙත්ද කොච්චර
සඟවා ගෙන
බැලන්ස් කරන
කැප්ටන්!


ලුණු ඇබින්දක් ලෙස කොමාවක් ","
අවශ්‍ය තැන්වලදී එකතු කරගන්න


Saturday, August 15, 2026

ජීවිතයේ Bookmarks


පිළිවෙළට පංති කර
අපිළිවෙලින් වැඩෙන
මතක මංපෙත් කියන බැඳීම්
සමුච්චිය.
තවරා මිහිරි සුවඳ
සොඳුරු මතක පින්තාරු කරන
උයන.
ඇදෙමින් බිඳීගිය සැබැඳි දිගේ
පැරැණි පිටු සොයන
වනය.
වෙනස් වෙන ස්මාර්ට් ලොවක
විරාමයේ සැරිසරන,
සීමාවක් නැති බැඳීම් පිළිගන්නා
සිතිජය...

Saturday, August 8, 2026

පෙළීම - Tightening

 


පොඩ්ඩක් හරි කැරකේ නම් ඇණ මුරිච්චිය
කරකවමින් හැඩි දැඩි යකඩ මෙවලම 
තව, තව තද කිරීම සිරිතය,
හරියාකාරව සවි කෙරුම නෙවැ ඉලක්කය.
ජීවිතයේ කෙළවරක් නැති තැලීම් පෙළීම්
එවගේම වෙන්නැ'ති.
අවස්ථා දෙකේදීම
බිඳ-වැටිය හැකි සීමාවක් පවතී,
එනමුත් මුහුණදිය යුතුය,
දරාගත යුතුමය.

English Version: Tightening 

Saturday, August 1, 2026

ආම්පන්න | Equipment (Motivational Poetry: say "I can")




ආම්පන්න | Equipment (Motivational Poetry: say "I can")
දරුවා, ඔබ ඔබව තේරුම් ගන්න,
සෑම ශ්‍රේෂ්ඨයෙකු සතු වූ හැම දෙයම ඔබ ද සතුව ඇත,
දෑත්, දෙපා, දෑස්
සහ නුවණ, පාවිච්චි කළොත් ඔබ බුද්ධිමත්ව,
මෙ ආම්පන්න වලින්මය ඔවුන් සැම ද පටන් ගත්තේ,
එනිසා
මුලපුරනු මැන එකසිත්ව, "පුළුවනි මට!".


බලන්න, හොඳින් බලන්න බුද්ධිමත් හා ශ්‍රේෂ්ඨ ඔවුන් දෙස,
ඔවුන් ද ආහාරය ගන්නේ පිඟානක,
පළඳින්නේ පාවහන ගැට ගසා ලේස් පටිය,
ලොවම පිළිගනි ඔවුන් එඩිතරය, කඩිසරය,
එනමුත්,
ඔබ ද සතුය සියල්ලම ආරම්භයෙදී ඔවුනට තිබුණා වගේම.


ඔබට ද පුළුවනි පටන් ගන්න විජයග්‍රහණයේ පෙළහැර - විස්කම් පාමින්,
ඔබට ද පුළුවනි ශ්‍රේෂ්ඨයෙකු වෙන්න - හිත ඇතිනම්,
ඔබ ද හොඳින් සන්නද්ධය -  තෝරාගන්නේ නම් ඔබේ සටනට,
ඔබ සතු පා, අත්, නුවණ හොඳින් පාවිච්චිකරන්න,
පිබිදුන මිනිසෙකුට, ශ්‍රේෂ්ඨ දෑ කරතෑකි,
ජීවිතය පටන් ගන්න,
මුලදී ඔවුන් සතු අමුතු යමක් නොවිය.


ඔබ අංගවිකලයෙකු, අසරණයෙකු කරගත්තේ ඔබමය, නැගී සිටිය යුත්තේ ද ඔබමය,
ඔබ තෝරාගත යුතුවේය තැන ඔබ සිටිය යුතු,
කියන්න ඔබේ ඉලක්කය,
ඔබ මොනතරම් සොයා බැලුවාද, සත්‍යය වටහා ගත්තේද?
දිවිය ජයගැනුමට ඇවැසි හැම දේ කිසි අඩුවක් නැතිව ඔබට තිළිණ කර ඇත,
එනමුත්,
තීරණය ඔබගේය, ඔබට කවුරුන් විය යුතුද?


දිරිය ගත යුතුවන්නේ ඔබමය,
ජයගන්න නම් ඕනෑකම මිනිසා තුළ තිබිය යුතුමය,
ඉතිං, දරුවා, ඔබ ඔබව තේරුම් ගන්න,
ඔබ උපන්නේ ද සෑම ශ්‍රේෂ්ඨයෙකු සතු වූ හැම දේ ඔබ ද හිමිකරගෙන,
ඔබ සතුය ආම්පන්න වලිනි ඔවුන් ද පටන්ගත්තේ, 
හඳුනාගන්න ඔබ, ඔබව,
පිළිගන්න,
කියන්න "පුළුවනි මට!"


Equipment poem by Edgar A. Guest
Figure it out for yourself, my lad,
You've all that the greatest of men have had,
Two arms, two hands, two legs, two eyes,
And a brain to use if you would be wise.
With this equipment they all began,
So start for the top and say "I can."


Look them over, the wise and great,
They take their food from a common plate
And similar knives and forks they use,
With similar laces they tie their shoes,
The world considers them brave and smart.
But you've all they had when they made their start.


You can triumph and come to skill,
You can be great if only you will,
You're well equipped for what fight you choose,
You have legs and arms and a brain to use,
And the man who has risen, great deeds to do
Began his life with no more than you.


You are the handicap you must face,
You are the one who must choose your place,
You must say where you want to go.
How much you will study the truth to know,
God has equipped you for life, But He
Lets you decide what you want to be.


Courage must come from the soul within,
The man must furnish the will to win,
So figure it out for yourself, my lad,
You were born with all that the great have had,
With your equipment they all began.
Get hold of yourself, and say: "I can."

* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


ඇමෙරිකානු ජාතික Edgar A. Guest කවියාගේ නිර්මාණයක් වෙන "Equipment" කවියේ පරිවතනයකි. 1881 වර්ෂයේ එංගලන්තයේද් දී උපත ලද එඩ්ගාර්, දහවන වියේ දී දෙමාපියන් සමඟ ඇමෙරිකාවට පදිංචියට ගොස් ඇත. ඔහුගේ "Equipment" කවිය තරුන්‍යායට අමතන, දීරිමත් කරන (Motivational Poetry) වදන් එකතුවක් හැටියට පිළිගැනේ.

ආත්ම විශ්වාසය, සමාන විභවය සහ පුද්ගලික වගකීම උගන්වන ආශ්වාදජනක කවියක්, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයින් වගේම සමාන මූලික භෞතික හා මානසික ආම්පන්න සමඟින් සෑම කෙනෙකුම උපත ලබන බව පාඨකයන්ට මතක් කර දෙයි.

"ගැටවරය, ඔබ උපත ලබා ඇත්තේ සෑම ආම්පන්නයක්ම හිමි කරගෙනය, එහෙත් ඔබේ ඉරණම, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ තේරීම ඔබ අතය" යනුවෙන් සාරංශ ගතකරන්න පුළුවනි.


ps: Equipment යන්න උපකරණ, මෙවලම් හැටියට  ද ගත හැකිමුත් පරිවර්තනයේ දී ආම්පන්න හැටියට (බහුවචනයෙන්) යෙදා ගත්තා.


Wednesday, July 22, 2026

සැඳෑ අඳුර - The Twilight

 


මගේ පාමුල
මගේම සෙවනැල්ල
බොහෝ විසල්ව ඇඳලා
ඉරු බැස යනවා
සැඳෑ කල
අඳුරේ ගිල්වා

Saturday, July 11, 2026

ඇලජිය - Emotional Allergy



දුටු විට,
නිදහසේ පියාසලන සමනළයෙකු
මතක්වි දළඹුවෙකු,
සුමුදු මල් පිරි කූඩලු පැළයක්
මතක්වි කහඹිලියා,
කසන්නේ නම්
ඇලජියක් මිස
වරද
පාට පාට
මල් පූදින පැලය ද
සමනළයා ද?



Note: Emotional allergy (චිත්තවේගී අසාත්මිකතාව) is an intense reaction to something in the present that reminds one, consciously or unconsciously, of an event from their history.


Saturday, June 27, 2026

අහස - The Sky

 

නිල් පැහැති සිහිනයක් සේ,
අහස දිග හැරේ නිමක් නැතිව.
සුදු වලාකුළු නටන විට,
සිතත් පියාඹයි නිදහසේ.

උදෑසන රන් කිරණ වැටී,
බලාපොරොත්තුවේ නැවුම් මල් පිපෙයි.
සැන්ඳෑව දම් පැහැයෙන් සැරසී,
දවසේ කවිය නිමා කරයි.

රාත්‍රියේ තරු ඇස් දල්වාගෙන,
අහස කතා කියයි නිහඬව.
සඳ එළිය මඟ පෙන්වන විට,
ලෝකය නිදයි සැනසිල්ලෙන්.

අහස අසීමිත කැන්වසයක්,
ස්වභාවයේ සුන්දර චිත්‍රයක්.
බලන හැම මොහොතකම අලුත් වන,
අපගේ සිහිනවල සදා සගයා.


Saturday, June 6, 2026

වරද මගේය - My Fault

 


ඈත අහසේ දිදුලන
පුංචි තරුකැට මුමුනන
සුමියුරු ගීයක් අරන් ආවා
සුමුදු මද නල

තනුව තාලය මන බැඳි
පදපෙල සොයමි කුමට ද
මිමිනුවා ඈත් කරමින්
දුහුල් රැලිපිලි

සඳ නෑගම් ගිහින්
හෙට අනිද්දා එන්නටවි අලුත්
ඈත, මුහුද රළ හඬ නඟයි
ගහ කොළ අතු අඹරමින්

පවන ඇයි නුඹ
රළු වුනේ මොහොතකින්
උදුරාගෙන ගියා
කුරුටු ගෑ කවි කොළයත්

සුළඟ නුඹට
දොස් කියන්නේ නැහැ
කවුළු දොර හැරියේ
මමයි රැවටී


Thursday, June 4, 2026

දෙවෙනි පන්තියේ මකුළු කුමාරිය

 


පද්දලා සොලවලා
රජ ගමනක
ගාලු කුමාරිය
පැද්දි පැද්දී
දැළ වියන්නේ
දෙවෙනි පන්තියේ
ටිකට් අරගෙනැයි
මකුළු කුමාරිය...

Tuesday, June 2, 2026

වෙනස

 


පීරා තෙලින් ඔප
පෙළින් පෙළ සීරුවට
ඉන්නා කළු සෙබළු
අතරින් පතර
එබී බලනා
සුදු,
ඇයි මුරණ්ඩු...


* 98-99 විභාගයකට සූදානම් වූ කාලයේ පරිහරණය කල පොතක් අස්සේ තිබී හමු වූ පොඩි පදපෙලක්


Saturday, October 19, 2024

තෙරපිය - The Therapy

 


අදත් බැරිලු කරන්න
අන්තිම තෙරපිය.
කීවතාවක් නම් කල්ගියා ද?
ඉන්නෙපයි වරුවක් එනකම්
ගමේ යන බස්සෙක
ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.

මහා දානපති ගමේ මුදලාලි
සැරසිලා සුදෝ සුදු ඇඳුමින්
පිටව ගියා හීන් සීරුවෙන්
වහලා ඉමර්ජන්සි දොරටුව,
බලන්නෙපයි කටපුරා හිනාව.

රිදුම් දෙන ඇඟපත,
ඇවිදින ඇටකටු කූඩු,
ගිලුන දෑස් බලා හිඳී
අපේක්ෂාවෙන් එනතුරු වාරය.
පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම,
හරි පදමට පිච්චුනා ද
මුදලාලියේ මැණික් කැටය?


Wednesday, September 11, 2024

බිඟුවනි මුලා නොවන්

 


නෙක උයන් වතු පුරා
පාට මලින් පිරිලා හැඩයි,
හෙට දවසේ පල බරින්
අතු ඉති පුරවන වහසි බසින්
සුරඟන රැඟුම්...

ගුමු ගුමුවෙ ඇදී
මුලා නොවන්,
ඉටි මලින් සරසලා
අහස උස තුඹස්
යසසින් වැජඹෙන වේයන්... 

කලබලෙන් උන් ඇදෙන්නේ
රැකෙන්නට උනුන්,
රකිමින් උන්ගේ රජුන්
මිස නිමාකරන්නට ද
උන් පැටවූ අපේ කරුමයන්...

පුංචි පුංචි බිඟුවන් ලෙසින්
පෙළින් පෙළට යමන්,
හෙට පලබර වෙන්න නම්
පරිස්සමෙන් නියම මල තෝරාගනිව්
මුලා නොවෙව්!

Wednesday, August 28, 2024

සමුගන්න අවසරයි

 


නුඹේ ලැම විසලයි
අතු ඉති පිරි සෙවන සිසිලයි
ඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයි
දළු, කොළ, මල් පල බර නැතුවයි

පුංචි ළදල්ලකට ඉඩ දුන්නා
සෙනෙහසින් හොවා කිරිකර පෙව්වා
සවිමත් හරිත පතකව වැඩුවා
සුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නා

යුතුකම් ඉටුකලෙමි නම්
අතු ඉති රිකිලි මල් පල
කොළ වඩා ගස මුල රකින්නට,
ලෝ සතාට හුස්ම බෙදන්නට
දුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්න
එපා රන්කඳ කඳුලු සලන්න...


සටහන:
පෘෂ්ඨිමත් හරිත පත්‍රයක ඇතිවෙන අවපැහැ පුල්ලියක් විග විගස කොළ පත පුරා පැතිරෙමින් මුලු පතම අවපැහැ කරමින් දුර්වල කරන්නට විය. ගසක් පෝෂණය කරන්නට දායක වූ කොළය තවත් ගමනකට සැරසෙයි, කොපමණ අතු ඉති කොළ වලින් පිරී තිබුණ ද ගසේ කඳ ඉකිබිඳියි, කඳුලු සළයි - එය ප්‍රයාණය. කඳෙන් මිදී සමුගෙන යන්නට අවසර යදින කොළය... ප්‍රයාණයට පිලිතුරු කවියක් හැටියට.

Thursday, August 1, 2024

මොත්තයෝ - The Moths

 


අත්තෙන් අත්තට පියාඹන
පාට පාට සලබයෝ
නොවුනත් සමනළයින්
දෙගොල්ලෝම
ගස කොළ වැනසූ
දළඹුවන්

*සලබයා = Moth

Monday, July 22, 2024

රෝස පෙති

 

වියළුන තොල්පෙති
සිඹියි
රෝස පෙති,
සමහන් කෙරුමට වේදනාව
රතු රුහිරු වෙත්ද
සුදුමැලි ආතුර ගතේ...

Tuesday, July 9, 2024

ප්‍රයාණය - The Journey

 


දිළෙමින හිරු එළියේ
විටෙක මැලවෙමින
විඳිමින මද සුළඟ
මැඩගෙන මාරුත
අතු ඉති
දළු මල
උල් කටු ද එක සමව සුරැක්ක
උඩ පහළ යනෙන පපුතුරට
හුස්ම පොද ලබා දුන්න
හරිත පතක පුංචි පුල්ලියක්,
නැග එන හිරු බැස යන
ගෙවමින දින දින
විදහා වට වට
වැඩෙනා පැල්ලමක්,
පලවා හරිමින හරිතය
අවපැහැ ගිලගනී
විග විගසින,
තැන තැන පොත්ත පිපුරුන
ගැට ඉලිප්පුන කඳ
කඳුළ තද කරගෙන
බලා හිඳී,
ඉදුන කොළ පත
තවත් ගමනක
දින ගනී...

* ප්‍රයාණය = ගමන, journey


Wednesday, July 3, 2024

නුඹ මලක් රඟනා තුරු

 


නුඹ මලක්
සුවඳක් නැති
පැණි නොබෙදන
බඹරු නොඇදෙන
එනමුදු, නෙතු ඇදගන්නා
සුදෝ සුදු ලස්සන මලක්...
ඔසවාගෙන බරක්
නිදැල්ලේ, තනිව ආලිංගනයක
සැහැල්ලු සුදු මලක්
විදහා රඟනා තුරු
නෙතු සනසන නැටුමක්...

Sunday, May 12, 2024

අම්මේ නුඹ Architect


අම්මේ නුඹව
පාගපු හැම එකාම දුන්නේ
වෙනම ගැම්මක්
කෙලවරක් නැතුව රිදවපු හැම
වාරෙම රටාවක්
ජීවිතය ජයගන්න
වාරුවක්...

Mother's Day 2024

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts