Wednesday, June 8, 2016

අතරමංව


සැඳෑව හෝරා කිහිපයක් ඈතය 
ඉර සැඟවුනි
පියාසලන ගුවනේ අතරමං කර
රොන් රොඳ කෙඳි වළා
බොඳ සුදු අළු කළු පැහැගෙන
පාවේ ඔබ මොබ
එළමින පාවඩ
ඈත උඩු වියන අහස
උසය අඳුරුය
මෝදුවෙන පුංචි තරු කැට
දිදුලනු දැකුමට
කිමිදෙමි තෙරක් නැති ගුවන
මුදු රළු පරළු සුළං
වාසුලි මැද...


ඉංග්‍රීසි කවිය: Survival

Wednesday, June 1, 2016

සංකේතේ


ධන රතු
වැඩ වරා
සුව අඩු
පෝලිම දික්වෙලා
සිරි පාලකයින් බුදිමතේ
සේපාලිකා මල් පිපි
සුවඳ හමයි
චැනල් ගඟ ගලයි
දෙගොඩ තලා
පල්ලමේ එවුන්
පොඩිවෙලා...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts