ඇය
ශක්තිමත්ය ඔබ සිතනවාට වඩා
බලවත්ය ඔබ දන්නවාට වඩා
නැණවත් ඇය පෙන්වනවාට වඩා
අව්‍යාජ ඔබ දකිනවාට වඩා
ඇයට හැකිය දකින්නට
සුන්දරත්වයක් හැම දෙයකම
පෙරළිකාර,
ත්‍රාසය මුසු,
නමුත් අචල
විශ්වාසවන්ත.
ඒ ඇය,
වෙන කවුරුද...
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: P.T. Berkey)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
මේ මං මිසක්....😀😜
ReplyDeleteඒක මිසක් :) ,බොහෝම ස්තුතියි.
Deleteලස්සන ගාලු පුරවරයෙන් එන, 80 ගණන් වල මුල් භාගයේ සිට කොම්පියුටර් තාක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්රයේ රැකියාවක් කරන මා එම් ඩීන් (ගල්මල්-කොරල්) ගේ බ්ලොග් අඩවිය ඉතාම රසවත්. මා මෙයට සම්මානයක් ලබා දීමට චන්දිම සහ සරෝජ්ට යෝජනා කරනවා.
ReplyDeleteස්තුතියි.
WOW!
Deleteබොහෝම ස්තුතියි, මේ යෝජනාවම සම්මානයක්!
Deleteවෙන කවුරුද..?? 😏😏😏
ReplyDeleteමනමාලියකගෙ පාර්ශ්වයෙන් මනමාලයගෙ පාර්ශ්වේ පැත්තෙ දැකුම් ඇවිල්ල,
මේ ඉඩම කාගෙද කියල ඇහුවම
වෙන කාගෙද කියල කිව්වලු.. ??
ඇත්තටම වෙන කාගෙද තමා.
හැබැයි ඒක දැනගත්තෙ බැඳලත් කාලයක් ගියාම ලු.
මට ඒක මතක් වුණා 🙈🙈
බොහෝම ස්තුතියි, ඒ කතාව රසයි.
Deleteදාපු කමෙන්ට් එකට මොකද උනේ යකෝ.. 🙆🙆🙆
ReplyDeleteකොමන්ටිං ඇප් අවුල් නේද?
Deleteඔව් අප්පා මං නිකමට ස්පෑම් ගිහින් බැලුවා මෙන්න සේරම කමෙන්ට් එහෙ නැතිවෙන 😲
Deleteඒ තමයි ඇය.
ReplyDeleteලස්සනයි
ජයවේවා
බොහෝම ස්තුතියි!
Deleteඇත්තටම කවුද?
ReplyDeleteවෙන කවුද ඇය|She මිසක්, for every She
Delete