Wednesday, March 31, 2010

නියෝජිතයෙක් ඕනෑකර තිබේ: බුද්ධිය නංවාලන ඉලෙක්ට්‍රොනික උපාංගයක්

නූතණ ඉලෙක්ට්‍රොනික හා දුරස්ථ පාලක (remote control) තාක්ෂණය, නව සැලසුම් ක්‍රම හා කෘතීම බුද්ධි ක්‍රම විදි (artificial intelligence) යොදාගෙන නිපදවා ඇති සියුම් උපාංගයකි. පුළුල් සමීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස සුනම්‍ය සිලිකොන් පටලයක හෙබවූ කුඩා තිත් ආකාර IC (dotted IC embaded in flexibles silicon layer) වලින් සමන්විතයි.

රූපයේ දැක්වෙන අයුරින් මෙ උපාංගය මිනිස් මොළයේ දකුණත පැත්තට බුද්ධිමය උත්තේජනයක් කිරීමට සමත්ය. ජීවී මිනිස් සිරුරක කෘථහස්ත පාලක ඉන්ද්‍රිය වන මොළයේ වමින් සිරුරේ දකුණත්, මොළයේ දකුණින් සිරුරේ වමත් පාලනය වේ.

මොළයේ වම්පස කථාව හා ලිවීම ආදී භාෂාව පිලිබඳව කටයුතු කරයි. දකුණුපස හැඟීම පිලිබඳව කටයුතු කරයි. කථාව හා ලිවීම හුදෙක් හැඟීම පිලිබඳව සංකලනයකි.

මෙම හුරුබුහුටි උපාංගය යොදාගෙන මෙළයේ හැඟීම් පාලනය කිරීමට සුදුසු පැලඳුම් (නොහොත් මෙවලම් -tools) නිපදවීමට පුලුවන. ඉන් ඇති මොළ‍යට හානි පැමිණවීමක් විය නොහැකිය.

එවන් පමණක් මෙවලම් නම්: හෙඩ්ෆෝන්, හෙල්ම්ට්, බ්ලූටූත් ග්‍රාහක උපාංග, ද්විත්ව වයර්ල්ස් ඇන්ටෙනා වලට සමාන ගරු බුහුමන් නම්බුනාම සේ පිරිනැමිය හැකි පලන්දනා හා මෙ උපාංගය අන්තර්ගත කර නිපදවිය හැකි තවත් දෑ.

මින් ගෙනෙන වාසි: දුරස්ථපාලක හැකියාව නිසා පහසුවෙන් බාහිරයට නොපෙනන සේ පාලන, ඒක මතික , ඒක රිද්ම, ඒක තාල, ඒක හඬ තාව පවත්වාගැනීම අතුළු බොහෝ පාලනයන්.

වෙළඳ නාමය (මෝලුත්- MOLUT More Load fromUltimate Technology) හා පේටන්ට් බලපත්‍රය සැකසෙමින් පවතී. ඒ අනුව මෙකී උපාංගය යොදා නිපදවන භාණ්ඩයන්හි Product Seal සේ සඳහන් සලකුණ පැහැදිළිව දැක්විය යුතුවේ.

මෙය පූර්ව දැනුම් දීමකි, වෙලඳ කටයුතු සම්බ්න්දව ක්‍රියාකරන ජාත්‍යන්තර හා කලාපීය ව්‍යූහය ඉදිරියේ දී පලකරනු ඇත. අදහස, නිෂ්පාදන හා සම්බන්ධ නාමයන් ජාත්‍යන්තර හා දේශීය බුද්ධි දේපල සුරැකීම පිලිබඳ නීතීන් යටතේ ආරක්ෂාවේ.

සැ.යු: මෙ උපාංගය හෝ එය යොදා නිමවන මෙවලම් මිනිස් මොළයට ආදේශක නොවන බවත්, ඇති මොළයක කාර්යය කෙරෙහි බලපෑමක් කරත හැකි කෘතීම කොටසක් බවත් සලකන්න.
මෙය කල්පිත රචනයක් බවත්, යොදා ඇති නිෂ්පාදන නාම ආදිය සම්පූර්ණයෙන්ම මනඃකලිප්තයන් බවත් කරුණාවෙන් සලකන්න.

* MOLUT-මෝලුත්: මොර් (more) උත්තේජනය, මොළයට උත්තේජනය

Sunday, March 28, 2010

යාචකයින්

නුවරට වඩිනා ප්‍රභූ නෙතු පාට කරනු වස්
වැරැහැලි ඇඳි කොලපත රැඳි බඩ පිට ඇළි
මග දෙපස හිඳි පඩි පෙලේ නිඳි
ගාල් කර පැටවූ දුරු ගමක

නුවර හිඳිනා ප්‍රභූ නෙතු පාට කරනු වස්
පාටින් ඇඳි පිරි මඩි රැඳි බඩ පිට නෙරි
මග දෙපස හිඳ ආවඩනා සුවසේ නිඳාඋන්
පටවා නිදහස් කර දුරු ගමට

කීවත් රස කර කවි කථා දෙව් ලොව මවා
පෑවත් විහිඳා දෙපත් කන් යාවෙන සිනා
වැන්ඳත් නැමී බුහුමෙන් එක්කර දෑත්පා
වැදුනත් ගොඩ ගෙපිල නැති නෑකම්පා
ඉල්ලන් නොවේද අතැති යමක් වටිනා

Thursday, March 25, 2010

රුදුරු පොළොව, සැහැල්ලු සිත හා බලාපොරොත්තුව

තෙතක් නැතිවා ඉරිතැළුන පොළොවේ
සෙම්බුවක් ගෙන මොලොක් අතිනේ
පැතුම් පිරුණ විසල් සිතිනේ
පියාසලන පුංචි පුතුනේ

ලොකු දුරක් ගෙවා
මෙබිමට එන්න ඇති
බලාපොරොත්තුවෙ නෙතු
දල්වාගෙන තවදුරක්
සැහැල්ලුවෙන් යනවා ඇති
පැතුම් පිරුන පුතේ
රන් දිය පොදක් ලැබෙනු ඇති

සටහන:

මෙ ඡායාරූපය උපුටාගත්තේ ඩුබායි නුවර පලකරන ගල්ෆ් නිවුස් දිනපතා පුවත් පතෙනි.

මාර්තු 22 වන දිනට යෙදෙන ලෝක ජල සම්පත පිලිබඳව දිනයේ (World Water Day) මෙවර තේමාව වූයේ සුවසෙතින් පිරුණ ලොවක් සඳහා පිරිසිදු ජලය (Clean Water for a Healthy World) යන්නයි. එ නිමිත්තෙන් පලවූ ලිපියක වූ ඡායාරූපයයි මෙය.

මෙය අසල්වැසි ඉංදියාවෙ, බෙංගාල ප්‍රාන්තයේ (කල්කටා) බෙර්හම්පුර් ප්‍රදේශයේ නියඟ නිරූපනය කරන ඡායාරූපයකි.


Tuesday, March 23, 2010

(අ)වාසනාවේ සමීකරණය


කීම: බෙදා සම්පත, දුරු කර දුප්පත්කම, එක් කර හැම ජන, ගුණ කර යහපත, ගෙන දෙමු වාසිය පොදි බැද

කිරීම: බෙදා ධන, දුරු කර යහගුණ, වර්ග කර හැම ජන, ගුණ කර ගැතිකම, ගෙන යන වාසිය පොදි බැද

කිරුම: හැමදා බිංදුව

Monday, March 22, 2010

පුංචි රළපෙළ


ගෙවාවිත්
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි රළපෙළ

ආවේ
දුර ගෙවා
අරගෙන
සිප්පිකටු

හැප්පි
ගල්පර
රැගෙන
කිරිපෙන

එන්න
පොඩි
පුතුනේ
වෙරළට

Saturday, March 20, 2010

නිල් සයුර අප මිතුර (සුනාමි ඛේදවාචකය)



සුනාමි පස්වන වසර අනුස්මරණය නිමිත්තෙන් 26-12-2009 දින පලකරන ලදි

ඇවිදින් සිපගෙන වෙරළ
මොහොතකින් ගිලගෙන ගිය ඝණ නිල් සයුර
ආරධනා කර දැකුමට ඒ අමුතුම සිරිය
අමෝරා විත් ඇයි කලේ ඒ හදිය


නිල් සයුර රළ පෙළ
දුර සිතිජය අප මිතුර
වුනි නම් වරදක් අපෙන් සමාකර
සැමදා රකිනු මැන දුබල අප


වෙරළේ සිප්පි එකතු කළ
අප බාලේ
වැළි මාලිගා තැනුවා
පොඩි කාලේ


ඒත් අනේ පොඩි දූ පුතුන් මාගේ
පැකිලෙයි පියනගන්න රන්වන් මූදු වැල්ලේ
අනේ ස්වාමිනි බලගතු සයුරු තෙමේ
වින කරන්නේ නැහැ නොවෙද ආයේ

හැඳින්වීම

කොරල් පර වඩාත් ආකර්ෂණීය, වෙරළබඩ වාසීන්ගෙන් සැදුම්ලත්, රළු රළ වලට ඔරොත්තු දීමට සමත් විවිධ හැඩ හා පැහැ වලින් යුත් කොරල් වලින් සමන්විත පරිසර පද්ධතියක් වේ. පාරිසරික වෙනස්කම් හා මුහුදු ජලයේ ඌෂ්ණත්වය ඉහල යෑම කොරල් පරවල පැවැත්මට හානිකර ලෙස බලපායි. කොරල් පර වැනසීම මුහුදු කෑමට හේතු වේ.

එදිනෙදා ව්‍යවහාරයේ කොරල් ගල්මල් ලෙස භාවිතයේ යෙදේ. ගල්මල් සමූහ ලෙස ජීවත් වෙන බහුපාදික මුහුදු ජිවීන් හෝ අජීවී කොටස් මුල්කරගෙන හැඩගැසුන ව්‍යූහයන් වේ. ජීවියා මියගියද තැනුන ව්‍යූහයේ සැකිල්ලේ පැවැත්මට වර්ධනයට පිටුවලහලක් වේ.

තෙරක් නොමැති මහ සාගරයේ මහ පොළොවට සමීප සමූහයක් සේ බැඳී පොළව රකින කොරල් පර...
ඉන් ගිලිහී ආදා වෙරලේ තනිවන දැඩි ගල්මල...
සිහිවටනයක් සේ බැබලෙන කිරිවන් සුදු ගල්මල...

මුහුදු වෙරලේ ඇවිද සිප්පි කටු එකතු කල, වැලි මාලිගා තැනූ බාල කාලයේ අනේක හැඩ ගල්මල් වලට ඇලුම් කරා. මෙදා සාගරයක් බඳු බ්ලොග් කලාවේ වෙරලේ හිඳ පිය ඔසවන්න ද උත්සාහය ඒ ගල්මල් නමිනි...

ගල්මල් බ්ලොගය හරහා පුංචි පද නිර්මාණ, කාලීන හා සමාජීය වශයෙන් වැදගත් තොරතුරු තාක්ෂණය (IT) හා සම්බන්ඳ ලිපි ගෙන එන්න බලාපොරත්තු වෙමි.

දයාබර සොයුර, සොයුරිය ඔබ සැම ඉතා ගෞරවයෙන් පිලිගන්නා අතර ඔබේ අදහස් නිරන්තරයෙන්ම බලාපොරත්තු වෙමි.