Wednesday, June 21, 2017

මුදුන් වහලේ යටලීය



රස්නය මිස
උරුම නැත
ලහිරු කිරන,
කාලයේ වියැකෙන
වැහි සීරාවේ
තෙතමනය මිස
වරම නැත
සුමුදු සඳකැන,
එනමුදු රඳවාගෙන
සැකිල්ල පිළිවෙළට
උරදෙන වහල
සදන සෙවන...
සොඳුරු නිවහනක

Tuesday, June 6, 2017

ස්ථිතික ආකර්ෂණය - Attraction by Static Current


රැල්ල
පීරන කල
එකම දෙසට
වේ ආරෝපණය පදමට
ඇදගනී සැහැල්ලු
හැම එදෙසට
පවතින තුරු
මන්දායුෂ
ස්ථිතික ආරෝපණ...

English version:  Attraction by Static Current