Tuesday, March 21, 2023

පුළුවනි නම් - Able

 


තැලිච්ච පොඩිවෙච්ච
ඉරිච්ච කැඩිච්ච
හදවත ද පිළියම් කරතෑකි
නව තාක්ෂණ
3D ප්‍රින්ටර් තියෙනවා ලු,
මහන්සියෙන් උපයාපු
දනට පිනට නාස්තිකරපු ධනය
රිප්‍රින්ට් කරන්න
නීතියෙන් ඉඩ තියෙනවා නම්
දුප්පත් නොවෙන්නට තිබුණා…


Saturday, March 4, 2023

මිදීම - Unleash

 


මද පවන
සැඩ සුළඟ
මාරුතය
ජයගෙන ඉඳින්නැ'ති
වාර අවාර
තරණය කර
ගස රකින්නැ'ති
ඉඩදී
නව දළු, රිකිලි
හැලෙන්නැ'ති...