තැලිච්ච පොඩිවෙච්ච
ඉරිච්ච කැඩිච්ච
හදවත ද පිළියම් කරතෑකි
නව තාක්ෂණ
3D ප්රින්ටර් තියෙනවා ලු,
මහන්සියෙන් උපයාපු
දනට පිනට නාස්තිකරපු ධනය
රිප්රින්ට් කරන්න
නීතියෙන් ඉඩ තියෙනවා නම්
දුප්පත් නොවෙන්නට තිබුණා…
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...