Thursday, October 5, 2023

ඇදවැටෙන පිහාටුවක් | Falling Feather


 
හිස් අහසේ
උඩින්
ඈත සැරිසරන
කුරුල්ලෙක්,
උගේ තටුවකින් මිදී
නිදහසේ ඇදවැටෙන
පිහාටුවක්,
දැක
තුටින් ගයමින් නටන
පැණි කුරුල්ලෝ,
උන් දනී දෝ
ඒ වෙද්දි
ඌ බොහෝ ඈත
ගිහින් ඇති වග
නිදැල්ලේ...

* හැලී වැටෙන පිහාටුවක් දැක තුටු වෙන මල්ගොනු වටා ගී කියමින් නටන පැණි කුරුල්ලන්ට වගේ වගක් නැහැ මිදී පලාගිය උකුස්සන් ගැන

4 comments:

  1. ඇත්ත!
    පැනිකුරුල්ලට තියෙන්නෙ
    ඒ පිහාටුව ඇහිඳගෙන
    තමන්ගෙ කූඩුවෙන් තියාගෙන
    සැපසේ දොයියන්න...

    ReplyDelete
  2. ආහ්. අරුතැති කෙටි නිර්මාණයක්
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
  3. අනේ මට කවිය පැටලුනා කියහං කෝ!
    අනේ මෝඩ මං!?

    ReplyDelete
  4. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts