Monday, July 26, 2021

ජීවිතය හීයකි - Arrow

 


ජීවිතය හීයකි
බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත 
ඇදී යන හී හිසට
ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු

ජීවිතය හීයකි
ඈත මෑත  ඉලක්කය ගෙන
සීරුවෙන් විදින,
ඉලක්කය කාගෙදැයි නොදනිමි

ජීවිතය හීයකි
නෙක බලාපොරොත්තු ගැබ් කර
වෙරගෙන දුන්නෙන් විදින,
විදින්නේ කවුදැයි නොදනිමි

ජීවිතය හීයකි
බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත
ඇදී යායුතු
ජවය රුකුල, විනය නැණ සිප් එක්ව දියයුතු

ජීවිතය හීයකි
ආපසු ගමන් නැති
ඉලක්කයෙන් ඉලක්කයට
පෙරටම ඇදි යායුතු

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts