Sunday, October 1, 2023

නිහඬ පෙම - I Choose to Love You in Silence

 


නුඹ හා පෙමින් වෙලෙන්නට නිහඬතාවය තෝරාගත්තෙමි,
මුනිවතට ප්‍රතික්ෂේපයක් නොමැත
නුඹ හා පෙමින් වෙලෙන්නට හුදෙකලාව තෝරාගත්තෙමි,
හුදෙකලාවේ කිසිවෙකුට නුඹ අයිති නැත මට මිස
නුඹ හා ආලයෙන් වෙලුනෙමි දුරින් සිට,
දුර වේදනාවෙන් මා ආරක්ෂා කරන නිවාරකය වෙනවා ඇත
නුඹ සිප ගත්තෙමි සුළඟේ දැවටී,
සුළඟ මදෙතොලට වඩා මුදු ඇති
නුඹ තුරුල් කරගත්තෙමි සිහිනෙන්,
සිහිනයේ මගේ නුඹ නිම් නැත.


මහාකවි රූමි කවියාගේ I Choose to Love You in Silence කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts