Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Saturday, February 13, 2021

අසම සම ගෙත්තම - Biometric

 


අසම සම ගෙත්තම
සුමුදු ඇඟිලිවල
වයිරම් රේඛා ඇන්ඳේ කවුරුද
නවලොව තැන තැන නිතරම
ගත උණුසුමට සුවහසක් වගතුග සුපිරීක්සන
මීමැසි විලසේ තතු අරගෙන පියාඹන...

ලස්සන නීල නුවන් යුගලේ
සොඳුරු කතාවක් ලීවේ කවුරුද
තෙරක් නැති ජීවන මංපෙතේ
තොටින් තොට හිඳ එබී සුපිරීක්සන
දෙබරුන් රහසේ පිටපතක් විදගෙන...

ඇඟිලි රේඛාවන්, කළු ඉංගිරියාව
විස්මිත අපූරු ගෙත්තම
කවුරු කෙලෙස කළේ ද
සුවහසක් තතු ඇති
මනුලොව සජීවි හැඳුනුම
අසම සම...

අනේක හැඩ රටාවන් පිරි රේඛා සිත්තම 
අල්ලා ගත්තද විදු සිප් ශිල්ප
දත්ත කන්දරාව අංකනය කළ
සුළැඟිල්ලක වෙත් ද මෙච්චර විස්තර
හිතාගනු මැන නෙතක මහිමය...
 
උණුසුම සෙනෙහස ජවය
ජීවිතය පුබුදුවන අරුමය
තුඬැඟිලි කෙළවර දැවටුණ,
පිටුවෙන් පිටුව කියවා ඉවර නැති
සෙනෙහෙබර පොත
නීල නෙත් යුගලය
සොඳුරියේ
සැසඳුම් උපමා නැති...


ආගන්තුක යෙදුම්:

ඇඟිලිවල වෛරම් රේඛා = ෆින්ගර් ප්‍රින්ට්

ගත උණුසුමට සුපිරීක්සන = බයෝමැට්‍රික් ස්කැනරය (ක්‍රියාකරන්නේ ශරීරයේ උණුසුමට සංවේදීව)

සුපිරීක්සන = ස්කැන් කිරීම

අංකනය කළ = ඩිජිටයිස්

අසම සම = යුනික්

සුළැඟිල්ලක වෙත් ද මෙච්චර විස්තර = ෆින්ගර් ප්‍රින්ට් ඉමේජයක සුවිසල් බයිට් ප්‍රමාණය


Tuesday, June 1, 2010

අහංකාර සුකුමාලිය

වීදුරු කාමර අත්පත් කරගෙන
උජාරුවට වැජඹුන
දූවිල්ල දුම්වැටිය තේ කොප්පය
පාවහන් පවා පිළිකුල් කල ඇය

සීරුවෙන් නැග මේසය
අරක් ගෙන පෙන්නා තේජස
ජනේලයේ එළියෙන් බබලමින
පෙන්නා හැඩ වැඩ

රුව නුඹේ වැඩිවුනා කලින් කල
හඬ මිහිර තුරුල් වුනේ රහසින
ඈත් වෙන්න බැරි ලෙසේ
එක් වුනා සෙනෙහසින

බැරිබර එල්ලා ගෙන දෙඋරේ
කැන්දාගියේ දඟකාර සුකුමාලිය
නැලවුනත් දෙඋකුලෙ
විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය

සවි බල ගත සිතින් අද
කෝකිලාවිය විහිදුවා රැස්
නිරතුරුව ඔපවත්ව රූ රැසින්
සියුමැලිය සැරිසරයි
සලා ඉඟසුඟ සැහැල්ලුවෙන්
තැන නොතැන නිසිලෙසේ

වෙලීලා පෙමින් කොමලිය
දැවටිලා සුරතේ
එදා අහංකාර නුඹ
අද තැන තැන පැටලිලා
දැලේ...

කවුද ඇය?
පිංතූරය පහලින්


සටහන:

ශ්‍රී ලංකාවේ කොම්පියුටර භාවිතය ප්‍රචලිත වූයේ '80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් මහා බැංකුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුනා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුනේ 1967 බව මා අසා ඇත්තෙමි.


මුල්කාලයේ කොම්පියුටරය දැඩි සත්කාර ලැබූ අයෙක්. 1982-1983 කාලයේ MS-DoS ප්‍රචලිත වෙන්න කලින් නොයෙක් නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික Operating Systems යොදාගනිමින් තරඟයට Software වෙළෙඳ පොලට ගෙනාවත් හරි හමන් සම්මතයක් නොතිබුණි. ඒ අනුව සීමිත නිෂ්පාදන නාම වැජෙඹුනා අපූරුවට.


MS-DoS Windows ලෙස ඉදිරියට පැමිනීම PC වලට ලොකු එලියක් ගෙන දුන්නා. සම්මතයක් ගොඩනැගුනා ඒ වටා, කාටත් ගන්න පුලුවන් සේ Software එන්න පටන් ගත්තා. එයත් සමග PC බාවිතය සුලබ වුනා. හැඩි දැඩි තනි පාට මොනිටර් වෙනුවට ලස්සන කලර් මොනිටර් එලිදැක්වූවා. Desktop එකක් ලෙස පැන්නා මේසය උඩට.


කලින් වැරැද්ද්කදි ගොරහැඬි හඬින් කෙටි කීක් එකක් දුන් කෙනා අලුතින් එක්වූ Sound Card වලින් ලස්සන හඬ දෙන්න පටන් ගත් ගමනයි අද අපිට වීඩියෝ, මිහිරි MP3, Skype වගේ දෙවල් ගෙනෙමින් වෙලාගත්තේ...


2000 වසර කාලයේ Laptop එලි දැක්කා. ඒකා එල්ලාගෙන යන්න උරහිස් දෙකක් මදියි. කොච්චර චාර්ජ් කලත් වැඩපටන් ගන්න සූදානම් වන විටම බැටරි ලෝ (විඩාපත්ව මැලවින නිදිකුම්බාවිය) විදුලිබලය නැතිව වැඩකරන්න බැරිවිය. උජාරුවට එල්ලාගෙන ගියත් සීමිත වැඩකොටසයි කරන්න සමත්වුනේ.


සීරුවෙන් ක්‍රියාවෙන් හා හැකියාවන්ගෙන් බලවත් වූ Laptop වසරින් වසර ස්ලිම් හා සැහැල්ලු වුනා බරින්. අත්ලක රඳවා වැඩකරන්න පුලුවන් තරම් පුංවි Palmtop අද හරිම ජනප්‍රියයි.


උඬඟු අහංකාර ලොක්කා බලවත් පුංචෙක් වෙලා, හොට්-ස්පොට් ඇති බස්-ස්ටොප් වලත් අද තනිවෙලා... සමහර වෙලාවට එයාට ලැබෙන අඩු සැලකිලි දකින්නත් දුකයි.


අද පාවිච්විකරන කොම්පියුටර් බලසම්පන්න වුනත් සමස්ථයක් ලෙස ගත් කල ඒ සම්පතින් 25% වත් ප්‍රයෝජනවත් ලෙස උපයෝගී කරගන්නවාද සැකයකි.

පළමු පල කිරීම: 12-02-2010

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts