Friday, April 20, 2012

පොල් කඩන්නා


බැරි උස බඩගා
නුඹ ඉහළට යනවා
ගෙඩි ගොඩක් කඩලා
බැල ගෙඩියක් ගෙනයනවා

Monday, April 9, 2012

යතුරු කපන්නෝ


අත දරාගෙන
ආම්පන්න
යතුරු එකතුව
බලාපොරොත්තුවෙන්
බලා සිටින
මුලිච්චි
වෙන තුරු
යතුර
නැති වෙච්චි
උදවිය