අරගලය කියන යෙදුම මිනිසා ලොව උපන්දා සිට හුස්ම ඉහළ පහළ ගැනීම, හෙලීම තරම් පොදු දෙයකි. මනුසතා තම පැවැත්ම, ආරක්ෂාව වෙනුවෙන් බාහිර සමාජය සමඟ ද අනෙකුත් සත්වයින් සමඟ ද යෙදෙන අරගලය වගේම තම වටාපිටාව පරිසරයේ අනේක අබ්බැහි, ආකර්ශණ, නොමඟ යෑම් වලින් මිදීමට තමා තම සිත සමඟ යෙදෙන අරගලය ද සුළුපටු නොවේ. අරගලය මොනාකාර වුවද විශ්ව සාහිත්‍යය කෙරෙහි අරගලය ලබා දෙන නිමිති, මූලයන් අපමණය. කාව්‍ය සාහිත්‍යයේ අදටත් තැනක් හිමි සූෆි කාව්‍ය සීරුවෙන් හසුකරගන්නේ පුද්ගලයා තම සිත සමඟ කරන අරගලය නොවෙද?
සමාජ දේශපාලන පෙලීම හා පීඩා අරගලයන් වලට ඉන්දන සපයන අතර, ප්‍රතිරෝධය මැඩලීම අරගලයන් පෝෂණය කරනවා වගේම නිර්මාණකරනයට ද උත්තේජනය සපයයි කියන්න පුළුවනි. මේ එක් උදාහරණයකි, 70 දශකයේ වූවා කියන සිද්ධියකි.
70 දශකයේ මැද භාගයේ දී, මෙරට ඉංග්‍රීසි පුවත්පතක අපූරු මරණ දැන්වීමක් පළ වුණි. එහි දැක්වුණු අන්දමට මියගිය පුද්ගලයා ඩී.ඊ.එම්. ඕ ක්රසි නමැති මහතෙකි. ඔහුගේ මරණයෙන් ශෝක වන්නන් අතර, ටී. රූත් (භාර්යාව), එල්.අයි. බර්ටි (පුතා) සහ ෆේත්, හෝප් සහ ජස්ටිස් නමැති සොහොයුරෝ ද වූහ. ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ අරලිය මැඳුර, පණගියවත්ත, අඳුරුවෙල යනුවෙනි.
බැලූ බැල්මටම මෙහි අමුත්තක් නොතිබුණ ද, ටික දවසකින්ම එහි සැඟවී තිබූ කර්කශ සරදම හෙළි වුණි. මියගොස් තිබෙන්නේ “ඩිමොක්රසි” නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයය. ශෝකවන පිරිසට සත්‍යය (Truth), නිදහස (Liberty), විශ්වාසය, බලාපොරොත්තුව හා යුක්තිය (Faith, Hope, Justice) අයත්ය.
මේ කාලයේ මෙරට පැවතියේ ද, පුවත්පත් ආයතන මර්දනය, විපක්ෂ රුස්වීම් තහනම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රියාවලියකි. අර සිනා උපදවන මරණ දැන්වීම, ඊට සිය විරෝධය දක්වනු පිණිස, නිර්මාණශීලී පාඨකයකු විසින් කරන ලද්දකි (ඔහු වෘත්තියෙන් වෛද්යවරයෙකි).
මෙම මරණ දැන්වීම පුවත් පතේ පලවූ දා උදයේම එය එවකට පැවැති රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නෙත ගැටුන බවත්, වහාම ඔහු ආරක්ෂක අංශය අරකී මැදුරට යවා එහි විසූ අයගේ වතගොත සොයා බැලීමට තරම් කලබල වූ බව පුවත්පත් වලින් කියවා ඇත්තෙමි. එතැන් පටන් එය ලියුවා යැයි සැක කර ප්‍රගතිශීලී ලේඛකයින්, මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට අනේක පීඩා හා හිරිහැර සිදු වූ බව කියවෙයි. පසුව නිර්මාණය කල වෘත්තීය වෛද්‍යවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව කියවේ.
තවද, මෙකී මරණ දැන්වීම 70 දශකයේ තරුණ කැරැල්ලක රහස සංඥාවක් නිකුත් කිරීමට යොදාගත් එකක් බව ද ප්‍රකට කතාවක් විය.
මේ දැන්වීම පිළිබඳ කතාව, ඉන්දියාවට ද පැතිරුණි. ඒ කාලයේ ඉන්දියාවේ අගමැතිනිය ඉන්දිරා ගාන්ධිය. එහිද ලංකාවට සමානවම මාධ්‍ය හා විපක්ෂය මර්දනය කිරීම සිදුවෙමින් පැවතුණි.
1975 ජූනි මාසයේ, “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතක අවමංගල්‍ය දැන්වීම් තීරයෙහි, “ඩි ඕක්රසි, ඩී.එම්.ඕ.” නමැති මහතකුගේ මරණය ගැන නිවේදනයක් පළ වුණි. ශෝක වන්නෝ ද ලංකාවේ දැන්වීමේ පරිදිමය. පසුව දැනගන්නට ලැබුණු අන්දමට, අපේ දැන්වීම අනුකරණය කරමින් එය පළ කර තිබුණේ, පසුකලෙක “රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ ඉන්දියානු මුද්රණයේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ අශෝක් මහදේවන්ය.
ps:
එකී මරණ දැන්වීම මෙසේ පලවූ බව කියවේ:
D.E.M. O’ Cracy, beloved husband of Truth, loving father of L I Bertie, brother of Faith, Hope and Justia, interned on Saturday 20th instant, Araliya Medura, Panagiyawatte, Anduruwella
Dr. Riley Fernando ගේ නිර්මාණයක් බව කියවේ.
👌🤓
ReplyDeleteබොහෝම ස්තුතියි නවීන්
Deleteඉතා නිර්මාණශීලී විරෝධයක්. බොරු ප්‍රචණ්ඩත්වයට වඩා මෙවැනි නිර්මාණාත්මක විරෝධවල දැනෙන බලපෑම ඉතා වැඩියි.
ReplyDeleteපේන විදිහට මෙකල මුණුපුරු ඩිමොක්‍රසි ත්ගෙ අවසාන ගමනත් අරලියගහ මන්දිරයෙ දි ම තමයි වෙලා තියෙන්නෙ. ලිබර්ටි දියණිය අවසන් ස්තුති කථාව කල අතර ෆේත් සහ හොප් දියණියන පැමිණි අයට තේපැන් සංග්‍රහයක් කලා කියලා කියන්න පුලුවන් = Mayya - https://maiyyagelokaya.blogspot.com/
බොහෝම ස්තුතියි, ඒක රසවත් කොමන්ටුවක්.
Deleteඔබ කලින් පෝස්ටුවට එක් කල කොමන්ටුවෙන් සඳහන් කලේ මේ ටෙලිග්‍රෑමය ගැන ද?
+++++ - Mayya
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteඑකනම් හරිම නිර්මාණ ශීලි මරණ දැන්වීමක්. ව්‍යංගාර්ථයෙන් පණිවිඩ හුවමාරු කරගැනීමේ සාර්ථක ක්‍රමයක්.
ReplyDeleteඑය ලියුවා කියන වකවානුවේ, ඒක ලොකු වැඩක්.
Deleteබොහෝම ස්තුතියි.
නිර්මාණාත්මක හැකියාවට කොතරම් දේවල් කරන්න පුළුවන්ද?
ReplyDeleteඒක නම් ඇත්ත තමා.
Deleteඇත්තෙන්ම.
Deleteඉංදියාව නිදහස ලබලා පලමු සංවත්සරය සමරන අවස්ථාවේ ද හයිදරාබාද් වෙනම රාජ්‍යයක් හැටියට පැවතිලා තියෙන්නේ, මොනයම් හෝ මත බේදයක නිසා. පලමු නිදහස් සංවත්සරය කාලේ හයිදරාබාද් පාලක (නිසාම්) වරයාට කවියකින් අමතන කිවිඳියක් (ඇය ද භාරතයේ ප්‍රකට හයිදරාබාද් වැසියෙකු කියලයි කියන්නේ) කරන හද බර ඇමතුමක් නිසා නිසාම්වරයාගේ හිත වෙනස් වෙන කතාවක් තියෙනවා. එයඉ නිර්මාණයක බලය.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
කියවපු වෙනස්ම ලිපියක්.
ReplyDeleteජයවේවා !!!
බොහෝම ස්තුතියි දුමී.
Deleteඔය වගේ මරණ දැන්වීම් ටිකක් තිබුණා, පරණ මෑඩ් සංඟරාවක. එයින් කෙටි ම දැන්වීම තිබුණෙ, "විශ්වාසදායක තැපැල් සේවය ගිය සතියේ මිය ගිය බව, අද ලැබුණු ටෙලිග්‍රෑමයකින් දැනගන්නට ලැබුණි" කියලා.
ReplyDeleteබොහෝම ස්තුතියි ඩ්‍රැකි, ඒක රසවත්. මෑඩ් දැන් පලකරන්නේ නැහැ නෙහ්, ඒකාලේ ලංකාවේ තිබුන මනහර සඟරාවත් බොහෝම රසබර කතා ගෙනාව මතක ඇති.
Deleteඒක හරිම අපූරුයි..වෙනස්ම කියවීමක්..👍👍
ReplyDeleteබොහෝම ස්තුතියි සඳු
Deleteසිංහල භාෂාවෙන් මෙවන් සුරු විරුකම් පෑවෙක් වේනම් ඒ; බී ඒ සිරිවර්ධනයන් මය!
ReplyDeleteසිංහල භාෂාවෙන් මෙවන් සුරු විරුකම් පෑවෙක් වේනම් ඒ; බී ඒ සිරිවර්ධනයන් මය!
ReplyDelete