අන්තිම කොළ ටිකත් හැලී ගිය
අතු ඉති කිනිති අග
දළු කොළ මල්
දකින පැතුම,
වාරය
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
ගිගුරුම් දුන් වේදිකා නිහඬයඔවුන් බැස යන්ට ඇතිසුවඳ දෙන තවත් දින දසුනක්එක්ව එන්නට...ලාදළු නෙලා තේ කූඩේ පුරවනකිරි පිහියෙන් රබර් උනනගල් කෝරියේ දුක තලනරෙදි මිටියෙන් මෝස්තර මහනඉඳිකටුවෙන් මල්‍රටා මවනබීරළුවෙන් ගෝල්-ලේස් ගොතනහම් කැබැල්ලෙන් ලස්සන පා සරසනඉටි බඳුනෙන් බතික් රූ රටා අඳිනමුව පිරි සිනාවෙන් අවන්හල බබළවනසුපිරි සැලේ මී මැස්සියකතරක නෙක ගැහැට විඳගෙනරන් කහවණු ගෙනෙනතඹ දොයිතුවකුදු නොපතනවැඩමුර මුරලයිස්තු කිසිත් නැති ගෘහණියවසර පුරා ඇයඇගේ වේදිකාවේ තනිවම.