Wednesday, October 26, 2022

වෙලාව | To Show

 


ගැටෙන එකිනෙක
ලොකු පොඩි
දැති රෝද
හඬ නොහඬ
හුරු නුහුරු
වුව නොවුව ද
මුහුණත
පෙන්විය යුතුමය
වෙලාව
ටික් ටික්ගා
දුවනු මැන නොනැවතී
හීන් පොඩි ලොකු
කට්ට...

Wednesday, October 5, 2022

නුඹ මිස වෙන කවුරුද

 


පොද පොද වහින වැස්ස
දිලෙන රැස්දෙන හිරු
කැළුම් දෙන සඳ
නුඹ මිස

ඉවුරු සුරකින ගංදිය
රන් වැලිකැට පිරි වෙරළ
රිද්මය දෙන හද
නුඹ මිස

ඇසැ'ති ඉඳි කටුව
සිහින් හූයන් ඇදගෙන යන
රිදුම් දුන්න ද රටා මවන
නුඹ මිස

නිම් නැති ගිම්හානය 
හැලුනත් කොළ හැම
වසන්තයම පතන හෙමන්තය
නුඹ මිස

නිමි නිමි දිලෙන තරුකැට
අඳුරු අහස යට
නවසඳ යදින සේපාලිකාව
නුඹ මිස,
වෙන කවුරුද දිරි දෙන

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts