රටකජු ඇටයක් තරම් පුංචි
විසල් යෝධයෙකු වුව ද
අප සැම ලොකු කුඩා නොවෙන්නෙමු
අඳුරේ, වහන් කල විට එළිය
රජෙකු තරම් පොහොසත්
ගුල්ලෙකු තරම් දුප්පත් වුව ද
අප සැම වටී එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
රතු, කළු, රඹ,
කහ හෝ සුදු වුව ද
අප සැම දිස්වෙන්නේ එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
එනිසා, හැම දේම හරි ගස්සන්න
හරි මගට ගන්න
වහන් කලා ද එළිය (දෙවිඳුනේ)
ගිල්වා අප අඳුරේ?
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Shel Silverstein)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
ඔව් වඩා වැදගත් වන්නේ එළියක් විහිදුවීමයි!
ReplyDeleteඑය කුමන පැහැයක් ගත්තද, කුමන ප්‍රමානයක් උනද එළිය එළියමයි!
වැදගත් වන්නේ අඳුර විනිවිද එළිය විහිදුවීමයි.
ඔව්, ඒකයි වෙන ඕන ඇත්ත වශයෙන්ම.
Deleteබටහිර රටවල සමාජයේ ජනවාර්ගික මූලය/විවිධත්වය ගැන දැක්වීමට සමේ පැහැය ගෙනහැර දක්වනවා. මෙය සමානත්මතාවය ගැන කතාකරන්න පදපෙලක්. කොරෝනා බැටදෙන කාලයේ විවිධ කවයන් අතර ඉස්මතුකර දැක්වූ පදපෙලක් විය.
හැම දෙනාම එක වාගෙයි ඇට මස් නහර
ReplyDeleteතම තමන්ට අබිමානය ඇතිවේ පැතිර
නිම වූ මුත් ආලෝකය හෙව්වත් නිතර
තම තමන්ම පින් බලයන් මතුවේ සසර...
ජයවේවා අයියේ
ඇත්තෙන්ම එයයි සත්‍යය, බොහෝම ස්තුතියි මල්ලි
Deleteකල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් ...
ReplyDeleteඅපුරු අදහසක්.
මෙම කෙටි පදපෙලේ අදහස හා එයින් පෙන්වන සමාජ විෂමතා ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.
Deleteබොහෝම ස්තුතියි!
ඉතාම රසවත් කවි පන්තියක්. කියවා රසවින්දා.
ReplyDeleteඒ වගේම අජිත් ධර්මකීර්ති මහතාටත් ස්තුතියි ශනිදා දහයට සංකල්ප රැගෙන ඒම පිළිබඳව.
බොහෝම ස්තුතියි ඔබේ ඇගයුමට.
Deleteශනිදා දහයට! සංකල්පයෙන් සිංහල බ්ලොග් පිබිදීමක් ඇති වෙනවා නම් ඒකයි සතුට.
හ්ම්ම්ම් හිතන්නට යමක්...
ReplyDeleteඇත්තෙන්ම ඔව්, සංකීර්ණ කරගත් සරළ දෙයක්
Deleteබ්ලොගර් කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක් නිසා පෝස්ට් වලට කොමන්ට් කිරීමට, පිලිතුරු ලිවීමට බැරි තත්වයක්, පුලුවන් ඉක්මනට කොමන්ට් කරන්නම්.
ReplyDelete