Saturday, February 26, 2022

පැවැත්ම - Survival


ගවයින් වටා ද
සුදු කොක්කු
ගැවසෙති 
පැවැත්ම උදෙසා...

Thursday, February 17, 2022

නොදනිමි...

 


ඈත අහස නැමී පහළ
සුවිසල් සයුර සිඹින
සිතිජ ඉමේ නිසසල
එද්දි වෙරළට රළ පෙළ
වියරු වෙන්නේ කෝමද...

පාට පාට මල් පෙති
සමනොළ තටු පිරිමැද
හමන මුදු මද නල
අතු ඉති රිකිලි සිඳින්නට 
නපුරු වෙන්නේ කෝමද...

සුන්දර සිනහව ලාලිත කතාව
සැණෙකින් යට කර
රුදුරු කේන්තිය
මතු වෙන්නේ කොයින් කෝමද,
නොදනිමි...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts