Saturday, October 10, 2026

උන්මාදය - Craze

 


තනමින් රැල්ල පැතිරි යන
රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්…
කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්…
සිහිවටනයක, පෙමාදර තිළිණයක
දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන
සිහින් ඉරි තැලීමක්…
පෙම්බර හදක නැඟෙන, කිතිකවන 
සිහින්, උමතු විදුලිය රේඛාවක්…
ඈත තරු චමත්කාරය දෙන
ඝනාදුරු රෑ අහසේ
නැඟෙන විදුලිය කෙටීමක්…
කවුරු කෙසේ කිව්ව ද
උන්මාදය තීව්‍ර ශක්තියක්, 
සිහින සිතිජයෙන් නැඟ එන
ගල්පර වෙරළක බිඳී පෙඩිවෙන
මුදු පෙණ විසිරෙන
යළි මතුව එන
රළ පෙළක්…
නොවුනොතින් “උන්මාදයක්”
බිහිවේද නව නිපැයුමක්.


සෑම නව නිපැයුමක් බිහිවන්නේ මනසේ හටගන්නා "උමතු උනන්දුවක්" (Craze) තුළිනි.

විවිධ ආර ස්පර්ශ කරන්න ඇති කැමැත්ත නිසා රාමුවක කොටු නොවී ස්ටෙන්සිලයක පින්තාරුවෙන් බැහැරව උන්මාදය කියන විසල් සයුරින්; සංස්කෘතික/ප්‍රවණතා/රැල්ල (Cultural Fads), භෞතික අවිනිශ්චිතතා/අසම්පූර්ණතා (Physical Imperfections), මානසික තත්ත්වය සහ මනෝරූප (Mental State and Imagery) කියන ඇබින්දක් ගෙන, දෝලනය කර  (Oscillation)  උන්මාදයේ ධනාත්මක පැත්ත මතුකරන්න ගත් උත්සාහය, නිදහස් ආරේ පද එකතුවක් හැටියට පුදමි. උන්මාදය පොදුවේ පිස්සුවක්ම නොව.

උන්මාදය මුලින්ම අකුරු කාලේ ඉංග්‍රීසියෙන් Craze හැටියට, එම අදහස ගෙනෙන උන්මාදය පදපෙල පරිවර්තනයක්ම නොවේ.

Saturday, October 3, 2026

අනුගත - Adapt

 


සැඩ හිරු මුදුනේ
කරටිය දවනවා,
පාමින් රැඟුමක් තාලෙට අතු
රැළිදියේ අඳිනවා,
පොඩි රළ පේළි ඇවිදින්
ඔච්චම් කරනවා,
දව දවා පෙලුවත් කඳ
ඉරු දෙසටම ඇදෙනවා,
දබර කුමටද අනුගතව විඳිමි
සොබවින් කියනවා.


පදපෙළට යොදාගත්තේ සොබාදහමින් කියාපාන මෙම සංකල්පය:
ස්වභාවධර්මය සමඟ ගැටෙනවාට වඩා ඊට අනුගතව ‘රැඟුමක’ යෙදීමට ඔවුහු ඉතා දක්ෂ ලෙස හැඩගැසී සිටිති.
They are masterfully adapted to dance with nature rather than fight it.


Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts