Showing posts with label දැනුම-වඩමු. Show all posts
Showing posts with label දැනුම-වඩමු. Show all posts

Wednesday, August 17, 2011

සිංහලින් විස්තර කරන ස්ලයිඩ්-ෂෝ සැකසීම හා අන්තර්ජාලයේ ඉදිරිපත් කිරීම (Slide Sharing)

මෑතක දී පළකළ ප්‍රතාපවත් රටඉඳිගස සහ ඉඳිගස් තීරුව පෝස්ට් වලට අදාළ පිංතූර වලින් සමන්විත විස්තර එකතුව ඉදිරිපත්කිරීමට මා සලයිඩ්-ෂෝ උපයෝගී කරගත්තා. ස්ලයිඩ්-ෂෝ නැරඹූ අය අතර ඒ ගැන උනන්දුවක් දකින්න ලැබුණා. ඊට කලින් වතාවක පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂනයක් සකස් කරන ආකාරය පියවරින් පියවර විස්තර කරන පාඩම් මාලාවක් (guideline) ගෙන ආවේ ද ස්ලයිඩ්-ෂෝ පෙළක් හැටියට.

රූප හා විස්තර එකතුවකින් සමන්විත ඉදිරිපත්කිරීමක් කරන්න ස්ලයිඩ්-ෂෝ එකක් බොහෝ ප්‍රයෝජනවත්. පිංතූර පේළියක් බ්ලොග් පෝස්ට් එකක් හැටියට අඩංගු කරනවාට වඩා ස්ලයිඩ්-ෂෝ එකකින් ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂනීයයි. කියවන්න ද පහසුයි.

මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් (Microsoft PowrePoint) භාවිතා කර අලංකාර ප්‍රෙසන්ටේෂනයක් හදා ගන්න පුළුවන්. එය SlideShare නම් වෙබ් සේවාවෙහි upload කර බ්ලොග් පෝස්ට් එකක, ෆේස්බුක් හෝ වෙනත් වෙබ් පිටුවක share කරන්න හැකියාව ලැබෙනවා. එමෙන්ම SlideShare අඩවියෙන් ද නැරඹිය (view කර) හැකියි.

SlideShare කියන්නේ 2006 වසරේ අගභාගයේදී වෙබ් තාක්ෂණය මුල්කරගෙන පවර්පොයින්ට් ප්‍රෙසන්ටේෂන් share කිරීමට හඳුන්වා දුන් සේවාවකි. පසුකාලීනව upload කරත හැකි ෆයිල් වර්ග අතරට word, pdf ද එකතු විය. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ SlideShare සේවාව අද වෙන කොට ප්‍රධාන ප්‍රෙසන්ටේෂන් share කිරීමේ සේවාවක් හැටියට පත්ව ඇත. ලොව පුරා රාජ්‍ය, වාණිජ හා අධ්‍යාපනික ආයතන SlideShare සේවාව තම දෛනික කටයුතු වලට අදාළ ප්‍රෙසන්ටේෂන් share කිරීමට යොදාගනී. අයකිරීමකින් තොරව ලබාදෙන SlideShare සේවාව ප්‍රෙසන්ටේෂනයක් upload කර බෙදා ගැනීමට ප්‍රමාණවත්ය.

SlideShare හි ෆයිල් upload කිරීමේදී කිසියම් convert කිරීමකට බඳුන් වෙනවා. ෆයිල්හි අන්තර්ගත ග්‍රැෆික් එලෙසම ද ෆොන්ට් සම්මතයකට අනුකූලව ද convert කිරීම සිදුවේ. දැනට ජාත්‍යන්තර භාෂාවන් කිහිපයකින් upload කිරීමට හැකි වුවද සිංහල ෆොන්ට් හෝ යුනිකෝඩ් convert කිරීමක සාර්ථකව සිදුවෙන්නේ නැහැ. ඒනිසා අනුමත මෘදුකාංගයකින් සැකසූව ද සිංහල අකුරු වලින් සමන්විත file එකක් කෙළින්ම SlideShare හි upload කිරීම පලක් නොවේ. ඊට පිළියමක් හැටියට අත් හදා බැලූ සාර්ථක විකල්ප (work-around) ක්‍රමයක් ගැන සාකච්ඡා කිරීමට මින් බලාපොරොත්තු වේ.

සිංහල ෆොන්ට්/යුනිකෝඩ් උපයෝගී කරගෙන ග්‍රැෆික් ඉමේජ් සහිතව මයික්‍රොසොෆ්ට් ප්‍රෙසන්ටේෂනයක් සැකසීම, SlideShare හි upload කර share කිරීම දක්වා පියවරෙන් පියවර; පහතින් දී ඇති ස්ලයිඩ්-ෂෝ එක මගින් ඉදිරිපත් කෙරේ.

ස්ලයිඩ්-ෂෝ හි පියවරයන් මනාව අවබෝධය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් පිළිබඳව දැනුම වගේම සිංහල ෆොන්ට් යොදාගෙන ප්‍රෙසන්ටේෂනයක් සැකසීම ගැන දැනුමක් ද අවශ්‍යවේ. ඒ සඳහා පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම පොස්ට් එක උපකාරීවේ; ඒ හරහා උවමනා පරිදි අනෙකුත් පොස්ට් කරා යා හැකිවේ.


අවශ්‍ය නම් පහත දී ඇති ස්ලයිඩ්-ෂෝ එක PDF-Document (file size 1.75 MB) ලෙස Download කර ගැනීමට ද පුළුවන.

මේ විෂය සම්බන්ධව තවදුරටත් උදව්වක් හෝ උපකාරයක් අවශ්‍ය නම් කරුණාකර මේ පොස්ට් එක හරහා සාකච්ඡා කරන්න පුළුවනි.

මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.

Tuesday, June 8, 2010

1.00 පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

පවර්පොයින්ට් MS-Office පවුලේ සාමාජිකයෙකි. ප්‍රධාන වශයෙන් වැඩමුළුවක, අධ්‍යාපනික හෝ ව්‍යාපාරික ආදී සාකච්ඡාවක දී කරන ඉදිරිපත් කිරීමක් හෙවත් ප්‍රෙසෙන්ටේෂනයක් (Presentation) සකසා ගැනුමට උපයෝගී කරගනු ලබන සොෆ්ට්වෙයර් එකකි.

පවර්පොයින්ට් භාවිතාකර සකසන අලංකාර ඉදිරිපත්කිරීමක් එකිනෙක අනුපිලිවෙලට දිස්වෙන පෙලගැස්මක් හෙවත් ස්ල්යිඩ් පෙලක් Slide-Show ලෙස දර්ශණය කල හැකිවීම පවර්පොයින්ට් වඩාත් ප්‍රචලිතවීමට හේතුවකි.

මූලික දැණුම ලබාගෙන හුරුවීමෙන් උසස් තත්වයේ ප්‍රෙසෙන්ටේෂන් සකසා ගැනීමට හැකිවනු ඇත.
එපමණක් නොව, පවර්පොයින්ට් උපයෝගී කරගෙන ලස්සන සිතුවමක් පසුබිම සේ යොදා සැකසූ කවි පන්තියක්, පිටුවක් වැනි නිර්මාණයක් කරගන්න ද පුළුවන. එ සඳහා අවශ්‍ය කරන මූලික දැණුමෙන් පටන් ගෙන තමුන්ගේම නිර්මාණයක් සකසා ගන්න පුලුවන් මට්ටම දක්වා පියවරෙන් පියවර පැහැදිලි කරන අරමුණින් සැකසූ අත්වැලකි (guideline) මෙය.

භාවිතයට පහසු වෙන සේ මෙකී අත්වැල කොටස් තුනකට වෙන් කර ඇත. මෙහි විශේෂත්වය වෙන්නේ මෙ අත්වැල ද පවර්පොයින්ට් යොදාගෙනම සකස් කර තිබීමයි. එය ඔබ වෙත ගෙන එන්නේ අන්තර්ජාලයේ ඇති Slide-Share සේවාව ඔස්සේය. අදාල සබැන්ඳිය (link) මගින් යාවූ විට එය ඔබේ මොනිටරය මත ස්ලයිඩ් පෙලක් (Slide-Show) සේ දිගහැරෙනු ඇත.

යම් ලෙසකින් ස්ලයිඩ් පෙල (Slide-Show) බැලීමට අපහසුවක් ඇතිනම් Download කරගැනීමට හැකි ලෙස ද සකසා ඇත. එසඳහා වන සැබැඳිය නියමිත ලෙස ස්ථාන ගතකර ඇත.

MS-Office පවුලේ අනික් සොෆ්ට්වෙයාර් මෙන් නොව පවර්පොයින්ට් වල දී සිංහල ෆොන්ට් කෙලින්ම යොදා ගත නොහැකිය. නොයෙක් මෘදුකාංග උපයෝගී කරගෙන සිංහල යුනිඛේත සකසන විට පියවි ඇසට නොපෙන්න යම් කොටසක් ද එක්වේ. පවර්පොයින්ට් වලදී ඒවා දැකගත හැකි කොටස් බවට පත්වී අකුරු පෙල්වල් හී නිමවුම (format) බාධා කරයි. මෙ ප්‍රශ්ණය විසඳාගන්නා අයුර නියමිත තැන්හිදී සාකච්ඡා කරනු ඇත.

පහත දක්වා ඇති ලෙස මෙ පවර්පොයින්ට් අත්වැල කොටස් තුනකින් සමන්විත වේ:

1.01 පවර්පොයින්ට් මූලික දැණුම (පියවෙන් පියවර විස්තර කරන අතහුරුවක්)

1.02 ටෙම්ප්ලේට්ස් යොදා ගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

දෙවන හා තෙවන පියවරයන් අනුගමනය කිරීමට නම් පවර්පොයින්ට් පිලිබඳව මූලික දැණුමක් අවශ්‍ය වේ. එය පලමු පියවරෙන් සකසනු ඇත.

පැහැදිලි කිරීමෙ පහසුව තකා jpeg file සැකසීම යොදා ගත්තද jpeg වෙනුවට "png" file පිලියෙල කර ගත හැකිය. සාමාන්‍යයෙන් png, jpeg file වලට වඩා විශාලය.

මෙ අත්වැල පිලිබඳව ඔබේ අදහස් ලබා දෙන්නේ නම් කෘතඥවෙමි.

තවද, පවර් පොයින්ට් සම්බන්දව යම් ප්‍රශ්ණයක් මතුවේ නම් මෙහි සටහනක් තබන්න, විවෙකය ලැබෙන ලෙස ඒවා නිරාකරණය උත්සාහ ගන්නම්.

මෙම අත්වැල ගල්මල් අඩවියෙන් ඔබට පිදෙන තුටුපඬුරකි. එම අදහස, සැකසීම හා ඉදිරිපත්කිරීම සම්පුර්ණයෙන් ගල්මල්-Coral නමින් පෙනීසිටින නමින් එම්.ඩීන් වන මා සතුය.

මෙය දැණුම බෙදා දීමට ගත් උත්සාහයකි. වාණිජමය අරමුණු උදෙසා උපුටගැනීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

1.01 පවර්පොයින්ට් පිලිබඳව මූලික දැණුම - Introduction to PowerPoint (Sinhala)

පවර්පොයින්ට් උපයෝගී කරගෙන ඉතා ආකර්ශණීය ඉදිරිපත්කිරීමක් හෙවත් ප්‍රෙසෙන්ටෙෂන් (presentation) එකක් සකසා ගන්න පුලුවනි. මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් බාවිතයට පහසු සොෆ්ට්වෙයාර් එකක් ලෙස ප්‍රකටය.

මෙය කොටස් තුනකින් සමන්විත අත්වැලේ පලමුවැන්නයි. ඉන් මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් භාවිතා කර ප්‍රෙසෙන්ටෙෂනයක් සකසා ගන්නා අන්දම පියවරෙන් පියවර පෙන්වා දේ.

ඔබට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් ඇත්නම් දෙවන (1.02) හා තෙවන (1.03) කොටස් වෙත යොමුවිය හැකිය.

පාඩම මෙතැනින්.

1.02 ටෙම්ප්ලේට්ස් යොදා ගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

පවර්පොයින්ට් ස්ලයිඩයක අලංකාරය පසුබිම, ෆොන්ට් වල පැහැය හා රටාවන් හි සංකලනය අනුව අඩු වැඩි වේ. අන් MS-Office සොෆ්ට්වෙයාර් වල මෙන්ම පවර්පොයින්ට් හිදි මෙවන් සංකලනයන් යොදා සැකසූ ටෙම්ප්ලේට් (template) ගනනාවක් සපයා ඇත. ඊට අමතරව පවර්පොයින්ට් ටෙම්ප්ලේට් බාගතකර හැකි අඩවි ගනනාවක් අන්තර්ජාලයේ ද ඇති අතර ඉන් පමණක් ඒවා නොමිලේ සපයයි.

මෙය කොටස් තුනකින් සමන්විත අත්වැලේ දෙවැන්නයි. ඉන් මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් ටෙම්ප්ලේට් පසුතලය සේ යොදාගෙන ඔබේම නිර්මාණයක් කරගන්නා ගන්නා අන්දම පියවරෙන් පියවර පෙන්වා දේ.

මෙ කොටස තේරුම් ගැනීමට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් තිබිය යුතුය. එය පලමු (1.01) කොටසින් සැකසෙනු ඇත.

පාඩම මෙතැනින්

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

තම නිර්මාණයක පසුතලය (background) ලෙස ටෙම්ප්ලේටයක් (template) වෙනුවට තෝරාගත් පින්තූරයක් ද යොදා ගැනීමට පුලුවන.

එය කරගන්නා අන්දම මෙ කොටසින් විමසා බලනවා.

මෙ කොටස තේරුම් ගැනීමට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් තිබිය යුතුය. එය පලමු (1.01)කොටසින් සැකසෙනු ඇත.

පාඩම මෙතැනින්

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts