මා ඔබට පෙම් කරමි
හිරු දවනතුරු ආකාහේ,
සඳ දිළෙනතුරු
අඳුරු රාත්‍රියේ.
රුදුරු නිල් සයුර
නිසසල වෙනතුරු සිඳී,
මා ඔබට පෙම්කරමි
කාලය ගෙවෙනතුරු.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christy Ann Marine)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
අහස් ගැබේ තරු කැට ගානේ..පොලෝතලේ වැලිකැට ගානේ..ආදරෙයි මං ආදරෙයි...මට මතක් වුනේ මේ සිංදුව...අපූරුයි ...
ReplyDeleteඒ... මටත් ඒ සිංදුවම මතක් උනා.
Deleteඇත්ත, ඒක ලස්සන සිංදුව. බොහෝම ස්තුතියි
DeleteWow. ඒකෙ ලස්සන
ReplyDeleteජයවේවා !!!
ඇත්ත, බොහෝම සරළ පදපෙලක අරුමය. බොහෝම ස්තුතියි දුමි
Deleteකොයි තරම් සුන්දර ආදරයක්ද?
ReplyDeleteඔව්නෙහ්, බොහෝම ස්තුතියි
Deleteසයුර නිසසල වෙලා, හිදෙනකං.....ඒ කියන්නේ වසර මිලියන ගාණක් යනවා මේ වැඩේ සිද්ධ වෙන්න-Mayy
ReplyDeleteඅනන්තය කියන එක කියන්න මොනතරම් නම් ලස්සන උපමා උපමේයන් නම් ද... බොහෝම ස්තුතියි!
Deleteආදරය ගැන එකම දේ කියන්න තිබුනත් කියන විදිය අනුව තමයි රසය ඇති වෙන්නේ.
ReplyDeleteමේ පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් තෝරාගෙන පරිවර්තනය කළ එකතුවෙන් එකක්, මේකේ සරල බව හා ප්‍රකාශනයේ තීව්‍රතාවය මතුකරන්න උත්සාහ කලේ. බොහෝම ස්තුතියි.
Deleteඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
ReplyDeleteගසක තිබෙන තල් කොල මදි ලියාලා දෙන්න ..
මේ තරම් ආදරයක් ද කියලා හිතුනා එකත්
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
Deleteකුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න
MSගෙ ලස්සන ගිතයක් මතක් කරාට බොහෝම ස්තුතියි,
පෙම් කරපන් ඇති වෙනකන්
ReplyDeleteඒකිට දැනෙන්නෙවත් නැතිව ඇති
ඉඳ හිටලා සිප ගත්තේවත් නැත්නම්
ඇගේ පෙම ඉතිරි වේවිද නුඹ හට
ඒකනෙහ්, බොහෝම ස්තුතියි ඔබට.
Delete