Thursday, March 29, 2012

ගැටය (The Knot)


ලණුව
දමා තොණ්ඩු
හිර කර
හැඩ මවන
ගුලි කලාවේ
ප්‍රවීණතාවය

Saturday, March 10, 2012

කෙන්ද


රන්ඳා උසක
රෑනින් එබී බැලූ
සහසක් මල් අතරින්
පළලූ පොඩි මලක් වූ
ලේනුන් මීයන් මඟහැර
මෝරා හැඩ වූ
ගිලිහී නටුව වැටුණ ද
උසකින් සුන් නොවූ
පහරින් දෙබෑකර
මදයත් ගෙන
රතඟුර කර සවිබල කටුව
සුවඳ දුම විඳගෙන
පල්කල ලෙල්ල
බැට පිට බැට දී කොහු කර
රිසිසේ සකසන
කෙන්ද
ඉවතලන්නට
කාරිය කරගෙන


පිදුම: හැමදේම පුද දී ලෙලිමෙන් තැලෙන මිනිසුනට
Image Credit: http://en.wikipedia.org/wiki/File:Sunset_with_coconut_palm_tree,_Fiji.jpg

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts