තනමින් රැල්ල පැතිරි යන
රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්…
කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්…
සිහිවටනයක, පෙමාදර තිළිණයක
දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන
සිහින් ඉරි තැලීමක්…
පෙම්බර හදක නැඟෙන, කිතිකවන
සිහින්, උමතු විදුලිය රේඛාවක්…
ඈත තරු චමත්කාරය දෙන
ඝනාදුරු රෑ අහසේ
නැඟෙන විදුලිය කෙටීමක්…
කවුරු කෙසේ කිව්ව ද
උන්මාදය තීව්‍ර ශක්තියක්,
සිහින සිතිජයෙන් නැඟ එන
ගල්පර වෙරළක බිඳී පෙඩිවෙන
මුදු පෙණ විසිරෙන
යළි මතුව එන
රළ පෙළක්…
නොවුනොතින් “උන්මාදයක්”
බිහිවේද නව නිපැයුමක්.
සෑම නව නිපැයුමක් බිහිවන්නේ මනසේ හටගන්නා "උමතු උනන්දුවක්" (Craze) තුළිනි.
විවිධ ආර ස්පර්ශ කරන්න ඇති කැමැත්ත නිසා රාමුවක කොටු නොවී ස්ටෙන්සිලයක පින්තාරුවෙන් බැහැරව උන්මාදය කියන විසල් සයුරින්; සංස්කෘතික/ප්‍රවණතා/රැල්ල (Cultural Fads), භෞතික අවිනිශ්චිතතා/අසම්පූර්ණතා (Physical Imperfections), මානසික තත්ත්වය සහ මනෝරූප (Mental State and Imagery) කියන ඇබින්දක් ගෙන, දෝලනය කර (Oscillation) උන්මාදයේ ධනාත්මක පැත්ත මතුකරන්න ගත් උත්සාහය, නිදහස් ආරේ පද එකතුවක් හැටියට පුදමි. උන්මාදය පොදුවේ පිස්සුවක්ම නොව.
උන්මාදය මුලින්ම අකුරු කාලේ ඉංග්‍රීසියෙන් Craze හැටියට, එම අදහස ගෙනෙන උන්මාදය පදපෙල පරිවර්තනයක්ම නොවේ.

No comments:
Post a Comment