ජීවිතයම සිතුවම් එකතුවක්,
නුඹ සිත්තරෙක්...
කැමැතිම පාට තෝරාගෙන හැඩ කරන
වඩාත් කැමැති පාට හනි හනිකට ගෙවෙන...
අලුත් පාටකූරු පෙට්ටියක් අරගෙන
තව පිටුවක්, පිටු කීපයක්
නුඹ සතුටින් පාට කරන
ඇල්මක් නැති පාටම ඉතිරි කර...
සිතැඟි පිටුවෙන් පිටුව
ඔපකර පාටින් පාට
නුඹත් දන්නේ නැහැ
එකතු වෙන්නේ,
ඉතිරි වෙන්නේ,
ඇල්මක් නැති පාට පාට කූරු...
මඟෑරුනු පිටු,
නුඹේම සිතුවම්,
පාට කරන්නට කිසි තේරීමක් නොකර...
නුඹ, නුඹේම සිතුවම්
කැමැතිම පාටින් පාට කරන්නට,
බැරිවූ සිත්තරෙක්...
ජීවිතයම සිතුවම් එකතුවක්,
නුඹ සිත්තරෙක්...
ජීවිතයම පාටකූරු පෙට්ටියක්
සිතුවම් පාට පාටින් හැඩකර
ඇල්මක් නැති පාට ගොඩක් ඉතිරි කර
සිත්තරෙක්...
ජීවිතය සිතුවම් එකතුවක්,
පාටකූරු පෙට්ටියක්...
නුඹ සිත්තරෙක්
2021 ඔක්තෝබර් වලදී කල මගේ නිර්මාණයක් වෙන ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ පදපෙල ගීතයක් කරන්න ගත් උත්සාහයේ දී පොඩි වෙනසක් සහිතව කර නිර්මාණයක් නුඹ සිත්තරෙක්.
සවන් දෙන්න නුඹ සිත්තරෙක් ගීතය, අඩුපාඩු කියන්න.
තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI
No comments:
Post a Comment