විඳගෙන රළු රළ උපේක්ෂා
විදින රැස්කඳ අඳුර සිසාරා
කියන පාර ගල්පර බේරා
පතන නැති තුතිමල් කිසිදා
ඔරුපාරු සුවිසල් නැව් නැත කාරි
ලොකු පොඩි රළු රළ පේළි
එගොඩ මෙගොඩ පැද යන්නට බේරි
අඳුර දෙබෑකර විදිනා රැස් කාන්ති
පාමුල පෙණ පිඬු පිපී පරවෙන
හමන මදනල මාරුත එකසේ පිළිගෙන
ඉසව්ව නුඹේ ගිලුන ද අඳුරින
දල්වා පහන හද පතුලෙන් බැබළෙන
අප හැම තුල ඇත එළියක බලයක්
දුක ගැහැට නෙක කරන අඩු වැඩියක්
විය හැකිය තවෙකෙකුගේ අඳුරට එළියක්
ලද නොලද වුව තුති මල් කළඹක්
ලබන්නට නොව ලබා දෙන්නට ආලෝකය
අඳුර දුරුලන ආලෝකය විහිදුවන ප්රදීපාගරයක් වෙන්න පුළුවනි අපි සැමට
the Lighthouse කියවන්න ඔබ සැමට ආරාධනා!
අප හැම තුල ඇත එළියක බලයක්
ReplyDeleteනමුත් සොයන්නේ එළියෙන් එළියක්
ඔබ හරි.. අපිට තවෙකෙකුට යම් සහනයක් ... මඟ පෙන්වන්නෙක්,.. එළියක් විය හැකිනම්... ලොව කොයි තරම් නම් ලස්සන වෙයිද?
ReplyDeleteමට මතක් උනේම නන්දා මාලනිය ගයන ...
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්......
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්..... නම් ගීතයයි.