දුටු විට,
නිදහසේ පියාසලන සමනළයෙකු
මතක්වි දළඹුවෙකු,
සුමුදු මල් පිරි කූඩලු පැළයක්
මතක්වි කහඹිලියා,
කසන්නේ නම්
ඇලජියක් මිස
වරද
පාට පාට
මල් පූදින පැලය ද
සමනළයා ද?
Note: Emotional allergy (චිත්තවේගී අසාත්මිකතාව) is an intense reaction to something in the present that reminds one, consciously or unconsciously, of an event from their history.

කිති කැවෙන එක හිත
ReplyDeleteලා රෝස සුවඳකට
හිරි වැටෙන එක අත
සුමුදු මුදු පහසකට
ඇසි පියන් පියෙනෙක
කම්මුලක සුළඟකට
අපි කොයි තරම් නම් ඇලජික් ද....
පරවෙච්ච මල් වලට....!
ඒ පද ටික සුපිරියි ලොකු! බොහෝම ස්තුතියි.
Delete+++
ReplyDeleteබොහෝම ස්තුතියි.
DeleteW W ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා!
ReplyDeleteහුම්...
ReplyDelete