Saturday, July 11, 2026

ඇලජිය - Emotional Allergy



දුටු විට,
නිදහසේ පියාසලන සමනළයෙකු
මතක්වි දළඹුවෙකු,
සුමුදු මල් පිරි කූඩලු පැළයක්
මතක්වි කහඹිලියා,
කසන්නේ නම්
ඇලජියක් මිස
වරද
පාට පාට
මල් පූදින පැලය ද
සමනළයා ද?



Note: Emotional allergy (චිත්තවේගී අසාත්මිකතාව) is an intense reaction to something in the present that reminds one, consciously or unconsciously, of an event from their history.


6 comments:

  1. කිති කැවෙන එක හිත
    ලා රෝස සුවඳකට
    හිරි වැටෙන එක අත
    සුමුදු මුදු පහසකට
    ඇසි පියන් පියෙනෙක
    කම්මුලක සුළඟකට
    අපි කොයි තරම් නම් ඇලජික් ද....
    පරවෙච්ච මල් වලට....!

    ReplyDelete
    Replies
    1. ඒ පද ටික සුපිරියි ලොකු! බොහෝම ස්තුතියි.

      Delete
  2. W W ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts