පිළිවෙළට පංති කර
අපිළිවෙලින් වැඩෙන
මතක මංපෙත් කියන බැඳීම්
සමුච්චිය.
තවරා මිහිරි සුවඳ
සොඳුරු මතක පින්තාරු කරන
උයන.
ඇදෙමින් බිඳීගිය සැබැඳි දිගේ
පැරැණි පිටු සොයන
වනය.
වෙනස් වෙන ස්මාර්ට් ලොවක
විරාමයේ සැරිසරන,
සීමාවක් නැති බැඳීම් පිළිගන්නා
සිතිජය...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
“ස්මාර්ට් ලොව” කියන යෙදුම අනෙක් රූපකවලට වඩා තරමක් සෘජු සහ නූතන වචනයක්.
ReplyDeleteඔව්, එතැන දී අරුත මතුකිරීම/point-out කිරීම සඳහා ඒ යෙදුම පාවිච්චි කරා. බොහෝම ස්තුතියි ඔබට.
Delete'සීමාවක් නැති බැඳීම් පිළිගන්නා සිතිජය...'
ReplyDeleteලොකු තේරුමක් සහිත වාක්‍යයක්. හරිම රසවත් ඔබගේ ඒ පද පෙළ
බොහෝම ස්තුතියි, මේ වටිනා සටහනට, ඇගයුමට.
Deleteරසවත්
ReplyDeleteඑය සතුටක්, බොහෝම ස්තුතියි.
Delete