Showing posts with label Resilience. Show all posts
Showing posts with label Resilience. Show all posts

Saturday, November 28, 2026

තැලෙන, පෑගෙන වානේ - Oppression

 

 
සකපෝරුවෙ මුදු මැටි පිඩ
ඇඟිලි තුඩින් හැඩවෙන හැටි බලාපන්
ගිනියම් පෝරණුවේ රස්නය දරාගෙන
නිමාවෙන සවි බල, විසිතුර හිතාපන්

ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ බලාපන්
ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර හිතාපන්

මල නොබැඳුණත් සුදු යකඩ වානේ නැත මුවහත්
තලන තලන හැම කුළු පහරටම තැලීයන්
පන්නරය අරගෙන නිසි පණ ලබාපන්
දිලෙන, මුවහත පිහිය හිතාපන්

හැම කුළු පහරම ලබාපන්, තැලීයන්,
පන්නරය අරගෙන මුවහත ලබාපන්

පාගන පාගන හැම වාරෙදිම පෑගියන්
හැකිළිය යුතු තැන නොබියව හැකිලියන්
ඉන් දෙන ශක්තිය ලබාපන්
හෙම්බත් යක්-පා නෙරපා
වානේ දඟරයේ, උඹේ හැඩ ලබාපන්

පාගන හැම වාරෙදිම පෑගියන්, ශක්තිය ලබාපන්
වානේ දඟරයක් වාගේ ආයෙත් උඹේ හැඩ ලබාපන්


අනේක පීඩාවන්, පෙළීම් වලට බඳුන් වූ තම දරුවාට දිරිය දෙන්න වෙරදරන මවකගේ හඬ මෙම පදපෙලට නිමිත්ත විය. පෙළීම අනුමත කිරීමක් නොව, තනි ඇයට කළ හැකි වෙන්නේ පෙළීමට මුහුණ දීම, වෙරගෙන ඉදිරියට යෑමට තම පුතුට ශක්තියක්වි මෙහෙයවීම පමණි.

මෙහි යොදාගත් රූපක ගැන:
  • මැටි පිඩක මෙලෙක, කුඹල් දෑතින් හැඩ ගත්ත ද නිමැවුම ශක්තිමත් වෙන්නේ පෝරණුවේ ගින්න දරා ගැනීමෙනි.
  • මල නොබැඳෙන වානේ කැබැල්ලක් ශක්තිමත් වුවද එය මුවහත ලබන්න නම්, ගිනියම්ව රත්වී, කිණිහිරයේ තැලීමට බඳුන්ව හැඩ ගෙන, ශක්තිමත් ආයුධයක් වෙන්නේ නිසි පන්නරය ලැබීමෙනි.
  • එතුන වානේ දඟරයක් කියන්නේ යම් හැඩයක්, දඟරයේ වට අතර නියමිත හිදැසක්, සමස්තයක් හැටියට ප්‍රමාණයක් (උසක්) ඇති සාමාන්‍ය භාවිතයේ ස්ප්‍රිං එකක් හැටියට හඳුන්වන දෙයකි. එම දඟරය මත පීඩනයක් ඇති වූ විට එහෙමත් නැතිනම් පෑගීමට, තෙරපීමකට ලක් වූ විට අරකී වට අතර ඇති හිදැස් ක්‍රමයෙන් අඩුවී හැකිලීමකට ලක්වෙනවා. නමුත් ස්ප්‍රිං එහෙක සහජ හැකියාව වන්නේ ඒ හැකිලීම අතරතුර ගැබ් කරගත හැකි ශක්තිය, බලය. පෙළීම විසින් යොදන බලය කොතෙක් වුණත් ස්පීනය හැකිලීමට, තෙරපීමට පත් කරත හැකිවෙන්නේ අර හිදැස් හැකිලතෑකි සීමාව තුළ පමණි. අරකී බාහිර පෙළීම, පීඩනය ඉවත් වූ සැනින් ස්ප්‍රිනය, අර ගැබ් කරගත් ශක්තියේ පිහිටෙන් නැවත යථා තත්වයට පත්වෙනවා. එයයි ස්ප්‍රිනයක ඇති සහජ හැකියාව, සුවිශේෂ බලය.

ආගන්තුක යෙදුම: යක්-පා - පීඩාවට, පෙළීමට, තැලීමට පත් කරන යක්ෂයාගේ පාදය, යකඩ සපත්තුව, පීඩාකාරී බලය පිළිඹිබු කිරීමටය.

තම පුතු පත්ව ඇති අසාධාරණය හමුවේ වෙහෙසට, පීඩාවට පත් වෙන මවගේ ජීවිතය කටුකය. එනමුත්, පෙළීමට මුහුණ දීමට, ඉන් පන්නරය අරගෙන ගොඩ ඒමට පුතු දිරිමත් කිරීම හැර ඇයට විකල්පයක් නැත, පදපෙල ගීතවත් කළේ මව පසුවන තත්වය පිළිඹිඹුවෙන ලෙසය...

පදපෙල හා ගීතය ගැන ඔබේ අදහස කියන්න.


සවන් දෙන්න තැලෙන, පෑගෙන වානේ ගීතය

ගීතයේ පදපෙළ:

සකපෝරුවෙ මුදු මැටි පිඩ
ඇඟිලි තුඩින් හැඩවෙන හැටි,
බලාපන්,
ගිනියම් පෝරණුවේ රස්නය දරාගෙන
නිමාවෙන සවි බල,
විසිතුර,
හිතාපන්...

ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ,
බලාපන්,
ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර,
හිතාපන්...

මල නොබැඳුණත් සුදු යකඩ වානේ,
නැත මුවහත්,
තලන, තලන හැම කුළු පහරටම,
තැලීයන්,
පන්නරය අරගෙන නිසි පණ,
ලබාපන්,
දිලෙන, මුවහත පිහිය,
හිතාපන්...

හැම කුළු පහරම, ලබාපන්,
තැලීයන්,
පන්නරය අරගෙන මුවහත,
ලබාපන්...

ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ,
බලාපන්,
ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර,
හිතාපන්...

හැම කුළු පහරම, ලබාපන්,
තැලීයන්,
පන්නරය අරගෙන මුවහත,
ලබාපන්...


පාගන, පාගන හැම වාරෙදිම,
පෑගියන්,
හැකිළිය යුතු තැන නොබියව,
හැකිලියන්,
ඉන් දෙන ශක්තිය,
ලබාපන්,
හෙම්බත් යක්-පා නෙරපා
එතුනු වානේ දඟරයේ,
උඹේ හැඩ,
ලබාපන්

පාගන, පාගන හැම වාරෙදිම,
පෑගියන්,
ශක්තිය,
ලබාපන්...
එතුනු වානේ දඟරය වාගේ ආයෙත්,
උඹේ හැඩ,
ලබාපන්...

ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ,
බලාපන්,
ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර,
හිතාපන්...

හැම කුළු පහරම, ලබාපන්,
තැලීයන්,
පන්නරය අරගෙන මුවහත,
ලබාපන්...

පාගන, පාගන හැම වාරෙදිම,
පෑගියන්,
ශක්තිය ලබාපන්...
එතුනු වානේ දඟරය වාගේ ආයෙත්,
උඹේ හැඩ,
ලබාපන්...

හැම කුළු පහරම, ලබාපන්,
තැලීයන්,
පන්නරය අරගෙන මුවහත,
ලබාපන්...

පාගන, පාගන හැම වාරෙදිම,
පෑගියන්,
ශක්තිය ලබාපන්...
එතුනු වානේ දඟරය වාගේ ආයෙත්,
උඹේ හැඩ,
ලබාපන්...

එතුනු වානේ දඟරය වාගේ ආයෙත්,
උඹේ හැඩ...
ලබාපන්...




මව-පුතු ග්‍රැෆික් ඉමේජය නිර්මාණයේ තේමාවට අදාලව NightCafe හි කළ Charcoal drawing/අඟුරු මගේ නිර්මාණයකි.

තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts