පෙරහැරේ වාහන දෙකක් පමණි
කවුරුවත් දකින්නැතුව ඇති
සලිත, කම්පිත, වේගයෙන් හද ගැස්සෙන
මා බිය වූයෙමි.
පිරිමියෙකු නේද?
හිතට හයිය ගත්තෙමි.
බෝහෝ වැදගත් යමක් සිදුවිය
මේ දැන්, මෙලොව
මිමිනුවෙමි ජාතික ගීය.
තව දරාගත නොහැක මහදට.
පෙරහැර දෙස බැලුවෙමි.
මැඩගෙන, දිව ගොස් එක් වුයෙමි
මිනීවල වටේ උන් කීප දෙනා අතරට.
දිරිය ගතිමි, මිදුනෙමි නොරිස්සුමෙන්.
මලගිය ඇත්තෝ,
ඒ නාඳුනන මිනිසා කවුරු වුනත්,
මට අරගලයට පණ දුන් ජීවියෙකි.
එනමුත් දැන් ඔහු තනිවුන,
මුනිවත ඔහුගේ එකම ජය.
වැලපෙන්නෙමි
තම එකම එක සෙන්පතියාගේ සොහොන අසල
සෙබලෙකු විලස.
At The Burial Of The Common Man
For Raúl Luis
When a funeral procession passes by
followed by only two cars
and no one notices, I tremble, I shake,
I palpitate, I'm afraid to be a man.
But I get over it.
Something very important has just happened in the world
and I begin to hum the National Anthem.
By now my heart can’t take it.
I had followed the procession with my eyes.
Suddenly I break into a run,
I stand next to the others around the grave,
I gather my courage and drop in a handful of dirt.
That dead man is for me the triumph of the species,
that anonymous dead man
who was, despite it all, the spirit of the battle.
But now the dead man is alone,
silence his only victory.
And I weep like a soldier before the tomb of my only general.
කියුබානු ජාතික Rafael Alcides (1933-2018) කවියාගේ At The Burial Of The Common Man (For Raúl Luis) කවියේ පරිවර්තනයකි.
මතකය කෙටියි තමා. විඳින්නාට එය කෙතරම් දරුණුද? මවිසින් පර්වර්තනය කරන ලද Siegfried Sassoon ගෙ කවිය යළි මතක් උනා.
ReplyDeleteකියුබන් විප්ලවයට සම්බන්දව ලිව්ව කවියක් වගේ
ReplyDelete+++++++++++++++++++නියමයි
ReplyDeleteජයග්‍රාහීව අවසන් වෙච්ච අරගලයක නම් මහ ජනකායක් රැස් වෙන්නට ඉඩ තිබුනු , කිසිවකු සහභාගි වන්නට අදිමදි කරන අවමගුලකට සහභාගි වන්නට උවමනා දහිරිය සුලු පටු නැහැ.
ReplyDelete