Wednesday, April 17, 2024

අවනත සොබාව | Nature's Treat

 


සැඩ හිරු
අණසක පතුරමින් ඔරවන
සවස්වරුවක,
සැනෙකින්...
හතර වටින් කලුකර
පාවී ආවා වලාකුළු රොත්තක්
අරගෙන දවන ගත නිවාලන
සිසිල් සුළඟක්...

කොහෙන් දෝ අවුදින්
අඳුරු අහසේ
ඔසවාගෙන පැසක්
බමන
ලංව, ඈත්ව රඟනා
සුදෝ සුදු වරා මල් පෙලක්
නිදැල්ලේ, ලස්සනට...

පවන සැර විය
අහස කඳුළු සැලුවා
වගසින්
නිදහස් කර තුටින් ද?
පුපුර විසිරුන බිතු
දැක දුකින් ද?
කොහේ සැඟව ගියා දෝ
වරාමලියන් තෙතබරිතව...



1 comment:

  1. හරිම අපූරුයි නිර්මාණය අයියේ
    ජයවේවා !!!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts