Sunday, May 5, 2024

ඇට‍යක වෙත් ද


සවිමත් කඳ, අතු ඉති රිකිලි
මුදු ලාදළු, බෝ රළු පත්
සුමුදු, සුවඳැති මධු බිඳු පිරි මල්
නෙක කටු, පරිස්සමට වකුටුව
කෝම ඇසුරුවා ද චූටි ඇටයක?
සම අසමව,
පුදුමයකි!
සන්තකේ මොනා දැයි බලනු රිසි නම්
ඉතිං, පැල කලයුතු.
වැඩෙන්නට, දුවා සවි ඇති මුල්
වැළඳගෙන මහපොළොව,
සිව් සම ගෙවා
සිප අහස් කුස විහිදා අතු ඉති,
කාලයක් අවැසි වුවද
බෙදන්නට රස ඵල...
විහිදා පුංචි හරිත පත් බෙදනවා ඇති
ලොබ නැතිව හුස්ම පොද, පොද
සෙනෙහසින් දෑත් විහිඳු දා සිට
ජීව වායුව අමිල.


English Version: What’s Packed in a Seed?

 

3 comments:

  1. සොබා දහමේ අපූරුව අපූරුවට පෙන්වන කවියක්!

    ReplyDelete
  2. නිසැකවම එය මහම මහ පුදුමයක්ම තමයි.හිතල බලනකොට පිස්සු හැදෙනව.

    ReplyDelete
  3. අපූරුයි නිර්මාණය අයියේ.
    ජයවේවා !!!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts