Wednesday, July 3, 2024

නුඹ මලක් රඟනා තුරු

 


නුඹ මලක්
සුවඳක් නැති
පැණි නොබෙදන
බඹරු නොඇදෙන
එනමුදු, නෙතු ඇදගන්නා
සුදෝ සුදු ලස්සන මලක්...
ඔසවාගෙන බරක්
නිදැල්ලේ, තනිව ආලිංගනයක
සැහැල්ලු සුදු මලක්
විදහා රඟනා තුරු
නෙතු සනසන නැටුමක්...

3 comments:

  1. කලකට පස්සේ කවි රස වින්දේ!

    ReplyDelete
  2. ඒ වුනත් මලක් , නෙතට පිය දසුනක්

    ReplyDelete