දිළෙමින හිරු එළියේ
විටෙක මැලවෙමින
විඳිමින මද සුළඟ
මැඩගෙන මාරුත
අතු ඉති
දළු මල
උල් කටු ද එක සමව සුරැක්ක
උඩ පහළ යනෙන පපුතුරට
හුස්ම පොද ලබා දුන්න
හරිත පතක පුංචි පුල්ලියක්,
නැග එන හිරු බැස යන
ගෙවමින දින දින
විදහා වට වට
වැඩෙනා පැල්ලමක්,
පලවා හරිමින හරිතය
අවපැහැ ගිලගනී
විග විගසින,
තැන තැන පොත්ත පිපුරුන
ගැට ඉලිප්පුන කඳ
කඳුළ තද කරගෙන
බලා හිඳී,
ඉදුන කොළ පත
තවත් ගමනක
දින ගනී...
* ප්‍රයාණය = ගමන, journey

කහගැහෙන කොලයකින් වෙනස් කතාවක් මතුවෙනවා. තෙරුවන් සරනයි!
ReplyDeleteඔව්, කොළයක දකින ජීවිත කතාවක් බොහෝම ස්තුතියි
Deleteප්‍රයාණය කියන්නේ කලින් දැනං හිටියේ නැති වචනයක්
ReplyDeleteදමිල වහරේ ප්‍රායනම් (Prayanam) කියන වචනය බාවිතාවේ, එය සංස්කෘත වචනයක් හැටියට ද කියවෙන අතර පයනම් (Payanam/ගමන) කියන දමිල වචනයෙන් හැදුන එකක් හැටියට ද කියවේ. මං හිතන්නේ prayanam කියන සංස්කෘත වචනයෙන් හැදුන වචනයක් වෙන්න ඕනේ ප්‍රයාණය. වචනයේ විරල යෙදුම නිසාම ඒ හෙඩිම තෝරාගත්තා :)
Deleteගමන නොනිමෙයි ලෝකයේ මේ
ReplyDeleteපුරුදු ජීවන මංතලේ...
වැටෙන මල් පෙති පාවුනාවේ
සුළං රැලි ඔහෙ යන අතේ
යලිත් ගහකොළ පාලු නෑ මේ
රිකිලි නංවා ලියලැවේ
ගැටෙන සැප දුක මාරුවී යයි
පුරුදු ජීවන මංතලේ
ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ඒක අපූරුයි, බ්ලොග් අතර දැකීමත් සතුටුයි!
Deleteඅපූරුයි.
ReplyDeleteතවත් දිග ගමනකට
ඇත්තෙන්ම තවත් දිගු ගමනක්, බොහෝම ස්තුතියි.
Deleteකදිමයි!
ReplyDeleteබොහෝම ස්තුතියි
Delete