Saturday, October 3, 2026

අනුගත - Adapt

 


සැඩ හිරු මුදුනේ
කරටිය දවනවා,
පාමින් රැඟුමක් තාලෙට අතු
රැළිදියේ අඳිනවා,
පොඩි රළ පේළි ඇවිදින්
ඔච්චම් කරනවා,
දව දවා පෙලුවත් කඳ
ඉරු දෙසටම ඇදෙනවා,
දබර කුමටද අනුගතව විඳිමි
සොබවින් කියනවා.


පදපෙළට යොදාගත්තේ සොබාදහමින් කියාපාන මෙම සංකල්පය:
ස්වභාවධර්මය සමඟ ගැටෙනවාට වඩා ඊට අනුගතව ‘රැඟුමක’ යෙදීමට ඔවුහු ඉතා දක්ෂ ලෙස හැඩගැසී සිටිති.
They are masterfully adapted to dance with nature rather than fight it.


3 comments:

  1. ස්වභාවධර්මය සමඟ විතරක් නෙමෙයි, අනිත් විකල්ප එක්ක වුනත් ගැටෙනවාට වඩා ඊට අනුගතවීම තමයි හොඳ කියලයි හිතෙන්නෙ.👌

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. බොහෝම ස්තුතියි ඔබට. කියමනක් තියෙනවා නෙහ්: බුද්ධිමත් බව කියන්නේ වෙනසට නතුවීම, වෙනස්වීම භාරගැනීමය.
      "Intelligence is the ability to adapt to change." – Stephen Hawking

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts