Saturday, October 3, 2026

අනුගත - Adapt

 


සැඩ හිරු මුදුනේ
කරටිය දවනවා,
පාමින් රැඟුමක් තාලෙට අතු
රැළිදියේ අඳිනවා,
පොඩි රළ පේළි ඇවිදින්
ඔච්චම් කරනවා,
දව දවා පෙලුවත් කඳ
ඉරු දෙසටම ඇදෙනවා,
දබර කුමටද අනුගතව විඳිමි
සොබවින් කියනවා.


පදපෙළට යොදාගත්තේ සොබාදහමින් කියාපාන මෙම සංකල්පය:
ස්වභාවධර්මය සමඟ ගැටෙනවාට වඩා ඊට අනුගතව ‘රැඟුමක’ යෙදීමට ඔවුහු ඉතා දක්ෂ ලෙස හැඩගැසී සිටිති.
They are masterfully adapted to dance with nature rather than fight it.


17 comments:

  1. ස්වභාවධර්මය සමඟ විතරක් නෙමෙයි, අනිත් විකල්ප එක්ක වුනත් ගැටෙනවාට වඩා ඊට අනුගතවීම තමයි හොඳ කියලයි හිතෙන්නෙ.👌

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. බොහෝම ස්තුතියි ඔබට. කියමනක් තියෙනවා නෙහ්: බුද්ධිමත් බව කියන්නේ වෙනසට නතුවීම, වෙනස්වීම භාරගැනීමය.
      "Intelligence is the ability to adapt to change." – Stephen Hawking

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි මයියා මේ ඇගයීමට.

      Delete
  3. “අතු රැළි දියේ අඳිනවා“ නැවුම් යෙදුමක්!

    ReplyDelete
    Replies
    1. Litseeker: බොහෝම ස්තුතියි. එය පොල් අතු සුළඟේ ලෙලෙමින් සිහින් රැළි නගන නොගැඹුරු දියේ අඳින සිත්තම කියාපාන්න යොදාගත්තේ.

      Delete
    2. Pra Jay: බොහෝම ස්තුතියි ඔබට.

      Delete
  4. අනේ සහතික ඇත්ත. මොන දුක පිඩා තිබුනත්... තම ගමන අත් නොහැරම දරාගන්න හැටි...
    "සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ .."
    අපූරුයි ඒ පද පෙළ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලියෝනි.

      Delete
  5. ස්වභාව දහමට අනුගත වීම/තේරැම් ගැනීම. - හ්ම්. එහෙනම් කොච්චර ලස්සන තැනක් වෙයිද මේ ලෝකය... 🌏💘

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒක නම් එහෙමයි. බොහෝම ස්තුතියි ඔබට.
      සුනාමියෙන් පසුව හමුවූ දකුණු ඉන්දීය මිත්‍රයෙක් කිව්ව කතාවක් මතක් වුනා. ඒ කියමන පහතින්, ඔහු කිව්වේ ඒ කියමන අහල තිබුණත් ඒකේ බැරෑරුම්කම දැනගත්තේ සුනාමිය ලංකාවට කර හදිය නිසාය කියලා. ඒ කාලේ දකුණු ඉන්දීය මහ ඇමැතීන්ගේ චන්ද ගුණ්ඩුව ඉන්දියාව හා ලංකාව අතර ඇති කොරල්/ගල් පරය (ආදම්ගේ පාලම/සේතු සමුද්‍රම්) කඩලා නාවික මාර්ගය හදන එක. මොකද චෙන්නායි වලට නැව් යායුතුව ඇත්තේ ලංකාව වටේට නැගෙනහිරෙන් රවුමක් දාලා. ඒක සිද්ධ වුනා නම් මිත්‍රයාගේ වචනින් "තමිල්නාඩු ඉල්ලෙයි" (නෑ)

      "play with anything, but don't play with water" is typically expressed as a cautionary warning rather than a formal, classic literary proverb: "எதையோ விளையாடு, தண்ணீரோடு விளையாடாதே" (Edhaiyo vilaiyadu, thanneerodu vilaiyadhadhe) (ගූගලයාගේ පිහිටෙන්)

      Delete
  6. මේ පදපෙලේ තවත් සැඟවුන අරුතක් තියෙනවා දකුණු ආසියාතිය සමාජයේ බොහෝවිට දකින්න ලැබෙන ගෘහස්ථ හිංසනයේ අඳුරු පැතිකඩ එය.

    බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන් රචනා කර සමාජයේ එදිනෙදා ජීවිතය පිළිබිඹු කරන පොතක් "ජීවිතය වටා". එහි තැනක කියවෙනවා අදහසක්: මොනම හෝ කාරණයක් නිසා කොම්ප්‍රමයිස් නොකරන සමාජ ක්‍රමය නැතිනම් ගල්කිස්සේ පවුල් උසාවිය මීට වඩා කාර්යබහුල තැනක් වෙන්න පුළුවන් (පොත 1950 ගනන් වල ලියපු එකක්, ඒ කාලේ පවුල් හබ විසඳන්න ගල්කිස්සේ උසාවිය විතරක් වෙන්න ඇති තිබුණේ). කොම්ප්‍රමයිස් කියන එක පදයකින් මං ලිව්වත්, පොතේ ඒ ගැන ගෙනහැර දක්වන්න ලස්සන දිග කතාවක් තිබුණා (පොත අරන් ගිහින් ආපහු නුදුන් කෙනාට කිවිසුම් යනවා දැන් නම්).

    ReplyDelete
    Replies
    1. මම ඒ පැදිපෙලේ මතුපිටින් පේන අදහස විතරයි රසවින්දෙ. "දකුණු ආසියාතිය සමාජයේ බොහෝවිට දකින්න ලැබෙන ගෘහස්ථ හිංසනයේ අඳුරු පැතිකඩ" හ්ම්....එතරම් සුන්දර නූනත්, බරපතල, සැබෑ මාතෘකාවක් තමයි.😞🤔

      Delete
    2. අම්මපා ඒක කිව්වට් අපස්සේ එහෙමත් හිතෙනවා තමයි

      Delete
    3. සමාවෙන්න කීවට - මට මේ කෑල්ල අල්ලන්නේ නැහැ : පොඩි රළ පේළි ඇවිදින්
      ඔච්චම් කරනවා, -- උද අර්ථය ගතහොත් ළමයි ඔච්චම් කරන වගේ

      Delete
    4. Ajith Dharma: පමණක් වෙලාවට එන්කැප්සූල් කරාම කම්පැක්ට් වෙනවා, සමාකරනු මැන.

      ඔච්චම වචනය ගැන ඔබේ අදහස අගයමි.

      පරිසරය කොහොම වුනත් පොල් අතු, ඉති රඟමින් නොගැඹුරු දියේ අඳින සේයාව පොඩි රළවල හිරිහැරයට පාත්‍ර වෙනවා කියන එක කියාපාන්න ඔච්චම් කරනවා කියලා යෙදුවේ. ඊට වෙනත් සමාන පදයක් හැටියට සරදම, විහිළු කියලා යෙදුවා නම් මම අර කී ව්‍යාංග අරුතට බලපෑමක් වෙනවා. ඒක මෙහෙමයි; දවන, හිංසා කරන පරිසරයේ ඇය වසන් කරන දේ බොහෝමයි,දරු පැටවුන්ගේ කෙළිදොළ, විහිළු බස කියන එක අර සමපද වලින් පෙන්නුම් කරන්න අසමත් වෙන්න පුලුවන්.

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts