Sunday, March 7, 2021

හිරකර මිදෙන - Fizzy Trap

 

බෝතලය නැමුණි
උඩඟු හිස් වීදුරුව වෙතට
හඬ දෙමින් පිරුණි
පාට දී හිස්වෙමින
ලහි ලහියේ ඇදුනි
වා බුබුළු පෙළින් පෙළ මතුපිටට
හීන් පොප් හඬින් පිපුරුනි
මිදී නිසල අහසට
බලෙන් මුසුකර
අංගාරය පංගුවක්
පාට සායම් රසකර බිම
පිළිගන්වා නුඹට...

2 comments:

  1. "පොප් හඬ" මාර්කටිං උගුලක්..
    මානසික අල්ලසක්..

    ReplyDelete
    Replies
    1. ඔව්, බොහෝ උත්සාහ අරන් මිනිසුන්ව ට්‍රැප් කරපු බිස්නස් එකක්

      Delete