Friday, March 12, 2021

වටාකුරු නොවෙත් උල්කටු


අකුරු වටකුරු
යාකර වචන විසිතුරු
සීරුවෙන් හදන පේළි නිරතුරු
රසය මතුකර යටකෙරු සිත්තම නිරතුරු
විය නොවිය හැකිය පියකරු

පුරුක පුරුක යා කර
රන් දම ගොතන්නේ
අබරනකට මිස දිලෙන
කසයකට නොව තලන

තුඬින් තුඬ ගෙන පද
මිණි කැට ඔබවන්නේ
ඔපයෙන් බබළනු රිසි පදවැල
රිදවුමට නොව සූරන
 
සුන්දර සිහළ බස සරු සාර
නන් රැසින් දිලේ වදන් වන් ඔප මිණිකැට
දෙසින් දෙස බලන මානය
පැහැ රැස වඩන්නේ නෙත් සිත් කෝණය

සුරැකිව වැවුණ ද වැට ඉම අතර
පද මල් පිපෙන්නේ අහස් කුස යට
මලේ රූ රස ගුමු ගුමු බඹරුනට නොවෙද
සදොස් වෙතොත් කියනු මැන සබඳ
වටාකුරු මොටද වෙන්නේ උල්කටු…

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts