Tuesday, March 9, 2021

ඇය තනිවම

 

ගිගුරුම් දුන් වේදිකා නිහඬය
ඔවුන් බැස යන්ට ඇති
සුවඳ දෙන තවත් දින දසුනක්
එක්ව එන්නට...
ලාදළු නෙලා තේ කූඩේ පුරවන
කිරි පිහියෙන් රබර් උනන
ගල් කෝරියේ දුක තලන
රෙදි මිටියෙන් මෝස්තර මහන
ඉඳිකටුවෙන් මල්‍රටා මවන
බීරළුවෙන් ගෝල්-ලේස් ගොතන
හම් කැබැල්ලෙන් ලස්සන පා සරසන
ඉටි බඳුනෙන් බතික් රූ රටා අඳින
මුව පිරි සිනාවෙන් අවන්හල බබළවන
සුපිරි සැලේ මී මැස්සිය
කතරක නෙක ගැහැට විඳගෙන
රන් කහවණු ගෙනෙන
තඹ දොයිතුවකුදු නොපතන
වැඩමුර මුරලයිස්තු කිසිත් නැති ගෘහණිය
වසර පුරා ඇය
ඇගේ වේදිකාවේ තනිවම.

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts