Friday, March 19, 2021

ගිනි කන්ද


දරා ඉන්නැති
ගොඩාක් සෝ සුසුම්
යට කරගෙන
බැරිම තැන
පිපිරෙන්න'ති
කදු මුදුනත් දියකරගෙන
ලෝදිය
කල්ප කාලයක් ගතවි
නිවුනොතිං
කඳු පාමුල
පාෂාණ
බොහෝ දේ ඇති
ගල් ගැහුණ
දැවී අලුවී
සුළඟේ විසිරුන ද
පෙළක් වදන් ඇති
අවතැන්ව
බැරිව පෑහෙන්න…

No comments:

Post a Comment