දරා ඉන්නැති
ගොඩාක් සෝ සුසුම්
යට කරගෙන
බැරිම තැන
පිපිරෙන්න'ති
කදු මුදුනත් දියකරගෙන
ලෝදිය
කල්ප කාලයක් ගතවි
නිවුනොතිං
කඳු පාමුල
පාෂාණ
බොහෝ දේ ඇති
ගල් ගැහුණ
දැවී අලුවී
සුළඟේ විසිරුන ද
පෙළක් වදන් ඇති
අවතැන්ව
බැරිව පෑහෙන්න…
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
No comments:
Post a Comment