තනමින් රැල්ල පැතිරි යන
රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්…
කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්…
සිහිවටනයක, පෙමාදර තිළිණයක
දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන
සිහින් ඉරි තැලීමක්…
පෙම්බර හදක නැඟෙන, කිතිකවන
සිහින්, උමතු විදුලිය රේඛාවක්…
ඈත තරු චමත්කාරය දෙන
ඝනාදුරු රෑ අහසේ
නැඟෙන විදුලිය කෙටීමක්…
කවුරු කෙසේ කිව්ව ද
උන්මාදය තීව්ර ශක්තියක්,
සිහින සිතිජයෙන් නැඟ එන
ගල්පර වෙරළක බිඳී පෙඩිවෙන
මුදු පෙණ විසිරෙන
යළි මතුව එන
රළ පෙළක්…
නොවුනොතින් “උන්මාදයක්”
බිහිවේද නව නිපැයුමක්.
සෑම නව නිපැයුමක් බිහිවන්නේ මනසේ හටගන්නා "උමතු උනන්දුවක්" (Craze) තුළිනි.
විවිධ ආර ස්පර්ශ කරන්න ඇති කැමැත්ත නිසා රාමුවක කොටු නොවී ස්ටෙන්සිලයක පින්තාරුවෙන් බැහැරව උන්මාදය කියන විසල් සයුරින්; සංස්කෘතික/ප්රවණතා/රැල්ල (Cultural Fads), භෞතික අවිනිශ්චිතතා/අසම්පූර්ණතා (Physical Imperfections), මානසික තත්ත්වය සහ මනෝරූප (Mental State and Imagery) කියන ඇබින්දක් ගෙන, දෝලනය කර (Oscillation) උන්මාදයේ ධනාත්මක පැත්ත මතුකරන්න ගත් උත්සාහය, නිදහස් ආරේ පද එකතුවක් හැටියට පුදමි. උන්මාදය පොදුවේ පිස්සුවක්ම නොව.
උන්මාදය මුලින්ම අකුරු කාලේ ඉංග්‍රීසියෙන් Craze හැටියට, එම අදහස ගෙනෙන උන්මාදය පදපෙල පරිවර්තනයක්ම නොවේ.

..... 🎉
ReplyDeleteබොහෝම ස්තුතියි නමි
Deleteඔබේ කතාව ඇත්ත. මෙතෙක් කල් මට මෙටික තේරුම් බේරුම් කරගන්න බැරිව හිටියේ..
ReplyDeleteසැම දෙයකටම මුල මනසේ උමතුව උන්මාදයම තමයි. යමක් කරන්න ගත්තත්
"මේක කරල බලනකම් මට පිස්සු වගේ"
කියල අපි කට වචනයට කියා අවස්ථා කොයි තරම් තියෙනවා ද නේද?
ඒ ගැන සකලා බලද්දී ඔබ ඒ යතාර්ථය මැනවින් විග්රහ කරලා තියෙනවා ඔබේ පද පේලි වල.
ජෙට් එකකට එන්ජිම වගේ ඒ urge එකම නේද විවිධ දේවල් වලට තල්ලුව, ජවය දෙන්නේ.
Deleteබොහෝම ස්තුතියි ලියෝනි සටහනට.
මාත් එකඟයි උඩ කමෙන්ටුවට. ඒ කොටස තමයි මගෙත් හිතට වැදුනේ.👌
ReplyDeleteඒක තමයි ඇත්ත, බොහෝම ස්තුතියි බසූ තුමා.
Deleteහරිම අපූරු කවියක්. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් ටිකක් අමුතු, සමහරවිට නරක අර්ථයකින් දකින “උන්මාදය” කියන වචනයට වෙනස්ම අර්ථයක් දීලා තියෙන හැටි හරිම ලස්සනයි.
ReplyDeleteකවියේ රූපක භාවිතයත් අපූරුයි. සිහිවටනයක සියුම් ඉරිතැලීමක ඉඳලා පෙම්බර හදක විදුලි රේඛාවක් හරහා අහසේ විදුලි කෙටීමක් දක්වා උන්මාදයේ විවිධ ස්වරූප මවන හැටි හරිම නිර්මාණශීලීයි. ඒත් මගේ හිත වැඩියෙන්ම ගියේ ගල්පරයක වැදිලා බිඳී ගියත් ආයෙ ආයෙත් මතුවෙන රළ පෙළට. මට නම් ඒකෙන් කියවෙන්නේ මිනිස්සුන්ගේ සිහින, ඒවා සැබෑ කරගන්න දරන උත්සාහයන්, අසාර්ථකවීම් සහ ඒ හැමදේම මැද්දේ නැවත නැවත නැඟී සිටින හැටියි.
මේ කවිය කියවද්දී මට මතක් වුණේ මයිකල් ෆැරඩේ ගැන අපට භෞතික විද්‍යාව ඉගෙනගන්න කාලේ අහන්න ලැබුණු කතාවක්. ඔහු නිතරම සාක්කුවේ බැටරි කෑලි, වයර් කෑලි දාගෙන විදුලි මෝටරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින් හිටියා කියලා අපට කියලා දීලා තිබුණා. ඒ කතාවේ හැටියට එදා සමහරු ඔහුව පිස්සෙක් විදිහටත් දැකලා තියෙනවා. මේ විස්තරවල ඓතිහාසික නිවැරදිභාවය කොහොම වුණත්, ෆැරඩේගේ ජීවිතයෙන් අපට ගන්න පුළුවන් පාඩම නම් හරිම වැදගත්. විද්‍යුත් චුම්භකත්වය පිළිබඳ ඔහුගේ පර්යේෂණ සහ මුල් විදුලි මෝටරය නිර්මාණය කිරීම ලෝකය වෙනස් කළ සොයාගැනීම් අතර තියෙනවා. ඒ පිටුපස තිබුණේ සාමාන්‍ය උනන්දුවකට එහා ගිය, එකම අරමුණක් වෙනුවෙන් කැපවුණු පුදුමාකාර උද්යෝගයක්. ඔබ කියන විදිහට ඒකත් එක්තරා විදිහක උන්මාදයක් තමයි.
ඒ නිසාම කවියේ අවසානයේ අහන “නොවුනොතින් උන්මාදයක්, බිහිවේද නව නිපැයුමක්” කියන ප්රශ්නය තදින් දැනුණා. ඇත්තටම ලෝකය වෙනස් කළ බොහෝ සොයාගැනීම් පිටුපස තිබුණේ අනිත් අයට අසාමාන්‍ය ලෙස පෙනුණු සිහින පසුපස හඹා ගිය මිනිස්සුන්ගේ නොපසුබට උත්සාහය වෙන්න ඇති.
හැබැයි උන්මාදයක් තිබුණු පමණින්ම නව නිපැයුමක් බිහිවෙන්නේ නැහැ. ඒකට දැනුම, කැපවීම, අත්හදා බැලීම සහ අසාර්ථක වුණත් නැවත උත්සාහ කිරීමත් අවශ්‍යයි. අන්න ඒ නිසාම ඔබේ කවියේ ගල්පරයක වැදී බිඳී ගියත් යළි මතුවෙන රළ පෙළ මට හරිම අර්ථවත්.
රළක් ගල්පරයක වැදී බිඳුණා කියලා මුහුද රළ නඟන එක නවත්වන්නේ නැහැනේ. ඒ වගේම තමයි සැබෑ නිර්මාණශීලී මිනිසාත්. ඔහුගේ උන්මාදය කියන්නේ බිඳවැටීමෙන් නිවී යන ගින්නක් නොවෙයි, නැවත නැවත අලුත් සිහින දල්වන ගිනිපුපුරක්.
හරිම ලස්සන, හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණයක්!
++++++++++++++++++👌
Deleteඅපි වගේ හුදී ජනයාට මේ පැහැදිලි කිරීම වටිනවා.💐🙏
@bas
Delete🙏🙏🙏🙏
/අපි වගේ හුදී ජනයාට මේ පැහැදිලි කිරීම වටිනවා./
Deleteහුම්. 🙏
තුන්කට්ටුවටම බොහෝම ස්තුතියි.
Deleteමයියා: මැණිකක වටිනාකම, මිල, වගේම තරඟකාරී ඉල්ලුම හැදෙන්නේ පොළවෙන් ලබාගන්න රළු ගල වඩාත් සුදුසු හැඩ කපා, ඔප කරන අන්දම අනුව. ඒක වෙනස් වගේම යුනික් ස්කිල් එකක්. ඔබ මේ එකතු කරන විග්රහ පදපෙලකට දෙන්නේ අමුතුම එළියක් අගයක්. ඔබ ඒකට දක්ෂයෙක්, බොහෝම ස්තුතියි.
Deleteයුනිකෝඩ් ප්රචලිතවීමත් සමඟ බ්ලොග් වලටත් ආකර්ශණීය ෆේස්බුක් එකටත් අවතීර්ණ වෙන්න කලින් සිංහල ෆෝරම් වල නිර්මාණ කලේ. අපේ කණ්ඩායමේ උන්නා මයියා වගේ නිර්මාණ වලට වටිනා විමසුම් එකතු කර සීනියර් මෙම්බර් කෙනෙක්. ඔබේ සටහන් කියවන මට නිතරම ඔහු මතක් වෙනවා.
Hmm
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට.
Deleteප්‍රේමය ද උන්මාදයකි.
ReplyDeleteඑක්තරා විදියක. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ශුගර්-කෝට් කරපු උන්මාදය.
Deleteබොහෝම ස්තුතියි නංගී.
යම් දෙයක් ගැන ආසාවක් ඇතුව ඒකෙ අවසානය දකින්න වැඩ කරපු මිනිස්සු හින්ද තමයි ලෝකෙ නව කිර්මාණ බිහි වෙලා තියෙන්නෙ.
ReplyDeleteඒ වැඩේ සාර්ථක වෙනකල් වටේ ඉන්න මිනිස්සුන්ට අර මනුස්සය පිස්සෙක් වගේ පේන්න පුලුවන්.
අන්න ඒකයි ඇත්ත. ප්‍රසාගේ පැමිණීම ලොකු සතුටක්, බොහෝම ස්තුතියි.
Delete