Sunday, April 7, 2024

පාට පාට සරුවත්

 


හිරු දවනවා.
කඩ වීදිය පුරා
ලබයි ලාබයි කියනවා.
අතේ ගුලිකරගත් නෝට්ටුව
හිස් උරමලු අරගෙන
සාප්පුවෙන් සාප්පුවට දුවනවා.
හෙම්බත්ව දුවනා
මිනිසුන්ට
පාට රසකර සරුවත්
හැදෙනවා
කඩවීදියේ තැන තැන.
දවන හිරු යට
සීතකර සරුවත්
කාසි දී අරගෙන
උන්ම බොනවා.


3 comments:

  1. අපූරුයි නිර්මාණය
    ජයවේවා

    ReplyDelete
  2. කස කසා බිව්වෙ නැත්තං සරුවත් වැඩකුත් නෑ.

    ReplyDelete
  3. හැමෝම අපට සරුවත් පොවන එක තමයි කරන්නේ.

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts