හිරු දවනවා.
කඩ වීදිය පුරා
ලබයි ලාබයි කියනවා.
අතේ ගුලිකරගත් නෝට්ටුව
හිස් උරමලු අරගෙන
සාප්පුවෙන් සාප්පුවට දුවනවා.
හෙම්බත්ව දුවනා
මිනිසුන්ට
පාට රසකර සරුවත්
හැදෙනවා
කඩවීදියේ තැන තැන.
දවන හිරු යට
සීතකර සරුවත්
කාසි දී අරගෙන
උන්ම බොනවා.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
අපූරුයි නිර්මාණය
ReplyDeleteජයවේවා
කස කසා බිව්වෙ නැත්තං සරුවත් වැඩකුත් නෑ.
ReplyDeleteහැමෝම අපට සරුවත් පොවන එක තමයි කරන්නේ.
ReplyDelete