Friday, July 29, 2022

මකුළුවාණෙනි සලාම්


 

මිලීනව, පිත්තලෙන් දිලුණ
වැඩක් නැති වෑල්වය
උඩ ලගින රෙගුලේටරය
හිස් සිලින්ඩරේ
වැඩ නැත
දොරමුල්ලේ...

අනේ මකුළුවෝ
උඹ මහසියෙන් වියන
රටා දාපු දැල
දුකයි මට
ආවේ නැද්ද හාමු
මෙතෙක් කාලෙට
නැහැනේ බිත්තර සුදු
මල්ල අහලක...

අද එනවලු
ගෑස් කඩේට
මං හොයනවා
ටෝකන් කෑල්ල
තුන් මසක් පරණ
නමා යටකර තියාපු
ලොකු කොලේ
නැහැ පේන්නට...

ඉතිං අවසරයි
උස්සන්නට සිලින්ඩරේ
පෑදුණොත් වාසනාව
කඳුළින් පිඹින
අවපැහැ නෙතු අගට
සිහිලක් දැනේවි
තව ටික දවසකට...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts